Thursday, January 8, 2015

~~.. දිරෙන් දිර දිරිය ඇත්තන්ට..~~


   දිරෙන් දිර දිරිය ඇත්තන්ට

1.
 දුක මැද අනෙක විකසිත වන...................පියුමතර
නෙක පැහැ සිතුම් දැක හැක සුවදින...............ඉසිර
විකසිත වන්න කල් ගියමුත් අන්....................අතර
දැක හැක ලොවක් සැනසෙනු පියුමෙන.........සතර

2.
දකිනට නොලොල් මඩ මත ඇත දිරි.............බින්දු
ලොවකට එයම විය හැක සිරි සුරු...............කැන්දු
සිත වෙත වුවත් දුක හද රිදුමන්....................රැන්දු
සත හට සිසිල දෙව හැක සිසිලස................කැන්දු

3.
ගිනියම් වන්න යකඩය සවිමත්..................වෙනවා
මොනයම් දුකක් ආවත් දිවි සුරු................වෙනවා
දුක යම් ලෙසින් තිබුමත් විය යුතු..............වෙනවා
කල යම් දෙයක් වටිනා සුබ පල.................දෙනවා


4.
දරදඬු පවස යනවිට හද සවිය....................සොරා
මරණය සැපක් විය හැක හිත සවිය................දරා
කරගැට වෙතත් අත් මත එය දිරිය..............පෙරා
කරගත හැකිය එය දිවියට සවිය...................උරා


5.
අටලෝදහම සත්තයි දිවි ගෙවෙන................තුරා
සිට ගනු පයින් දිර ලේ මස් නහර..................අරා
වැටි වැටි ගියත් මුලදී ලේ කඳුළු...................පුරා
පුත නුඹ වන්න බැරි නැත සක්විතිද...............අරා


1 comment:

  1. වැටි වැටි ගියත් මුලදී ලේ කඳුළු...................පුරා
    පුත නුඹ වන්න බැරි නැත සක්විතිද...............අරා..:) (y)

    ReplyDelete