Friday, January 16, 2015

වැලපේ සොඳුරිය..~


මින්දද හීය වැදි හදවත රිදුමෙ..................මැද
දුන් පෙම් සිසිල නිති සංයම සිතින.............විඳ
රන් තරු සමග සඳ රැස් තනියෙන්ම............විද
මන් කවි බඳිමි සොහොයුර ඔබ දකින........වද


තෙත් වන නිතර මතකය විත් සොදුරු.......හද
සත් ලොව හඹයි සොයමින මා අදර..........රද
නෙත් උණු කදුළු සැමදා යදමින්ම............හද
ලත් සොව බලයි සොහොයුර ඔබ දන්න....වද



නිම් නැති සෙනෙහෙ දුන් කලකට සතුට....උනා
සම් මස් නහර ගැලුවා පණ දියක............මෙනා
යම් ලෙස සිතොත් ඔබ ගැන මා සොවට..යෙනා
පෙම් ගග ගලයි සිහිකර ඔබ කවට............සිනා


ගංතෙර දෙදෙන හුන් මා රැක තනිව..........අද
මින් පෙර නුදුටු රත් රූ මවමින්ම.............හද
සුන් කර පැතුම් සෝ මන්දිර හදෙහි........බැඳ
රන්ගිරි තනනවද නුඹ සුර ලියන්..............මැද


No comments:

Post a Comment