Thursday, January 8, 2015

~~ ගුරු තුමියකට..~~

1.
සමවත් සිතින අප වෙත කුලු නෙතග.......යොමා
හරවත් දැනුම දී යහමග වෙතට...............යොමා
නැණවත් දරුන් දැකුමට හෙට ලොවෙදි......අමා
දිරිමත් ගුරු මව්නි,තුති මල් පුදමි...............මෙමා

2.
යන්නට පාර නොපෙනෙනු විට ඉදිරි............යට
යන්නට පාර පෙන්වා ආදරෙන්...................සිට
පෙන්වා හොද නරක සැම වෙත විටින්.........විට
රන් මෙනි දැනුම දුන් සිප් තෙර අතර..........මට

3.
පාසල් පැමිණි විට වී අම්මා..................දෙවැනි
ගුණ නරකද ආදරෙන් පෙන්වා...........යෙහෙනි
තම දරු ලෙසින් සලකා අප සැම.........තොසිනි
සිප් රස පෙව්ව ඔබ ආදරයෙන්...............නිතිනි

4.
අව්රුදු දෙකක් සිප් දී අප වෙතට.............මෙසේ
කැපකළ අයුරු කාලය කියනෙමිද.........කෙසේ
යහපත් දරුන් දැකුමට ඔබ වෙතට........තොසේ
පින් මල් ඔබට පතනෙමි දිරි සමග..........මෙසේ

5.
තව තව දරුන් නැණ නෙත් මල්...........පාදන්න
නව ලොව වෙතට ගුණ පිරි දරුවන්.......දෙන්න
සුව බර ලොවක් ගුරු තුමියට ලැබ........දෙන්න
සැම දිරි පතමි මගෙ ආසිරි මල්............මෙන්න

No comments:

Post a Comment