සඳ දිය පිරෙන ගං තෙර සුදු පැහැය......දරා
පුන්සිසි මුවෙහි රුව ඇදි සුර රසය........දරා
ලං වී සෙමින මගෙ සිත් පතුලටම....හොරා
පෙම් සිත අවදි කෙරුවා මතකයම...සොරා
දැවෙමින් විටෙක සද රැළි මත ගං.....තෙරෙහි
සිහිනෙන් මැදුරු මත රජු රැජිණිය....ලෙසෙහි
පවසින් මිදී උත්තම ආලය...............මතෙහි
තනියෙන් විදිමි මම අද මතකය.....සොවෙහි
සිත් විල මැවුණු රත් පැහැ නුඹ මුව....කමල
ලත් සැමවිටම අත් විනි අම දිය.........පුවල
අත් වුනු ඉරණමහි පත් සෝ හද........සසල
නෙත් කඳුලෙන්ම සිත් සෝ අද මා....දවල
සද රැස් සෙමින් තුරු අතරින් වැටෙද්දී....
ReplyDeleteමද පවනැල්ල සිහිලැල් සුව ගෙනෙද්දී,..
විඳ ගත් සෙනෙහෙ මගෙ සිහියට නැගෙද්දී...
හද දුක් ගෙනෙයි සිත ඉකිබිඳ හඩද්දී..
ගං දිය සිහිල් හඩ නංවා බැස යනවා..
සංකා නැගී ඔබ නැති සිත දුක් වෙනවා...
මං තැනු මැදුරු මට නොදැනිම ගිලිහෙනවා..
ලං කර ගන්න සිතු ඔබ ඈතක යනවා...