Friday, September 1, 2017

පැනය


1.
දින දින ගෙවෙයි සරසවි මව් තුරුළු සෙනේ
යන මග තිරයි අවසන නුදුරෙහිම පෙනේ
දින දින වැඩෙන අමිහිරි වෙස් දරන අනේ  
පැනයකි රිදුම් දෙන මා  සිත් මඬල  කොනේ

2.
සරසවි දිවියෙ රුදු බාදා පවුරු මැද
හෙට ලොව තනන්නට හැකි සැම පවුරු  බැද
තුන් අවුරුදු කලක්  පත පොත නෙතෙහි බැඳ
දහඩිය හෙලිමි නෙක සෝ තුටු සමව විඳ  

3.
යව්වන වයසෙ පීදෙන මල් පැතුම් පොදී
යන්නට ඉඩ නොදිමි සිර කර ගතිමි මිදී
සුන්කර තැනුණු බැම සිත් කොන් රුදුව බිඳී
ඉන්අත මිදී මට වුනි යම් රුවක බැදී

4.
දින දින ගෙවෙන විට මද මද සිත ඇදිනි
යන යන මගෙහි ඔහු රුව නෙත් යුග මැවිණි
පැන යනු නොලෙස රතු මල් මාවත් බැඳිනි
අවසන මමත් රුදු ලෙස පෙම් ලොව ගිලිණි

5.
සිත විමසුවා ඔහු පිළිබද කතන්දර
වත ගොත ලැබිණි මා මිතු සැම වෙතින් හර
අතරක් නොමැති හද පෑරෙන සිතුම්'තර
සිත මා ඇදිණි  වැට කොටු බැමි කඩන් දුර

6.
සය මස නොදැනි දින දින මේ ලෙස ගෙවුනා
හැර යන දවස හිරු රැස් මිහිපිට හෙලුනා
අමුතුම හැගුම් මා නෙතු අබියස ඇදුනා      
ගත වන සියලු කල සිත කදුලින් පෙගුණා

7.
සිටියෙමි පුරුදු ලෙස ඔහු දෙස බලාගෙන
සුපුරුදු ලෙසම නැත ඔහු හද  හැරී එන
පෙනුනා සොවින සඳ කොමලිය නැගී එන
ඇදුනා පයත් අවසන් වර හඩා ගෙන

8.
පීදුනු සිතෙක පෙම් මල් අමු අමුවෙ තලා
පෑරුණු හදක දොම්නස් බර අදුරෙ වෙලා
සීරුණු මලෙක මල් පෙති දෙස සොවින් බලා
වැහුණු හැගුම් සුන් කරගමි සිතම පලා

9.
සය මස මිහිරි දෑ සිත මත තබාගෙන
කෙල්ලෙක් නිසා සවි නැති සිත හොවාගෙන
මාවත් මැදින්  මුදු සපුමල් පිපීඑන
සරසවි තුරුල වෙත යමි තොස්  පුරෝගෙන