Thursday, January 8, 2015

~~.. නත්තල් සිරි..~~


   නත්තල් සිරි

1.
සුළගින් අවුත් සුදු මුදු සිහිලැල්..................පින්න
මා ගත වෙලා හද කිති කවමින්................මෙන්න
යෙහෙමින් කොදුර නත්තල් පණිවුඩ.......ගොන්න
සුළගට මුසුකරයි තුටු ලොව හමු................වන්න

2.
ගවලෙන තුලදි ඉපදිණි කුමරුන්.................සාම
ලොව තුටු කැළුම් විහිදිණි වෙසෙසින්.........ප්‍රේම
මව රන් පලස් සාමයෙ අරුනලු..................හාම
ලොව සැම දිළිඳු  තුටු විල මත රැස්.............ප්‍රේම

3.
කිංකිනි මතින් නැංවෙන ජය කෙහෙළි........මැවී
රන් මව් මරිය දෙනෙතේ තුටු කැළුම්.........කැවී
පුන් සඳ නැගෙන කල තුරුලෙහි පුතුන......හෙවී
රන් දද සාමෙ දුටුවා තුටු ගඟුලෙ................දෙවී

4.
දිළිඳුම දනෝ එක්වී පොහොසතුන්...........වෙත
සාමයෙ අරුත පහදා එක විලස................ඇත
කරුණා මෙත් සිසිල මැද සැම පහන්.........සිත
නත්තල් සිසිල වෙනුවෙන් පන පොවයි.....නිත

5.
සීතල රැයේ ගී රස සුළඟට......................මුසුව
සාමයෙ කිරණ ලොවටම ගෙන රස........කැටුව
මීවිත ලලිත සුවපත් දන මත..................තුටුව
සාමයෙ කුමරු සිහි කර පැතුමකි............පැතුව


6.
හිම මත  අනෙක නිමැයුම් නෙක හැඩයෙ....සැදී
රමණිව නිවෙස් තුල සුර ලොව අසිරි..........බැඳී
නිම නොව තුටින ළමයින් නත්තලෙහි........රැඳී
අම පහසෙහි නටයි සුන්දර මතින...............විඳී

7.
සැම හද විලම සතුටුව සිනහව.................ගාවා
අම පෙම් පලස් මත සාමයෙ සිර.............නාවා
සැම සිත් මෙත්ද කරුණා දම් මත..........වේවා
මෙම නත්තලෙහි සැමටම කිරි ඉති........රේවා

8.
උස් මිටි කම්ද නැති බැරි ඇති දුරැර...........සිට
ලස්සන සිතුම් මත දෙව්ලොව සිරිය.........දුට
විස්මිත නත්තලේ සුබ පණිවුඩය............කට
ගොස් නංවමු මෙසේ එකමුතු දමින්.........සිට

No comments:

Post a Comment