Thursday, January 8, 2015

..~~මරණය...~~

 මරණය

1.
දිවියෙක අඳුරු බව පැහැදුම් කර..........ලොවට
සවි බල රැගෙන උගසට දුක දී...............ගතට
විවි දිවි ගමන දිගුකල් නිමකර...............පරට
කැවි මහ අරුම දෑ නුඹ මරණයය.............මට


2.
ඇස කන නාසදිය බල අඩු කරව............රුතී
මස ලෙය හීන කර ඇටකටු බලය...........නිතී
කස පහරක්ව නුඹ එන මග නුදුරැ.............සිතී
පිස ගොස් මගේ සන්තොස දැන් දුකට....යෙතී


3.
වැරු දිවි සතුට මැද මෙතරම් කලෙක.......සිට
ඔරු ඇද ගියෙමි නිදහස මැද දිවියෙ..........අට
කෙරු ඒ සියල් අවසන් නිදි යහන............පිට
මරුවෙනි නුඹය මේ ලොව අමිහිරිම.........මට



4.
කෙරුවත් දිවි  නුතුටු වෙත ඉමිහිරි.......සේවේ
වරුවත් ඔවුන් සැමකල් නිදි වෙත...........දුවේ
වැරු දිවි යමක් වෙත මරුවෙනි ඔබෙ....රාවේ
මරුවෙනි බියක් දේ හද බිය බව.............දීවේ


5.
දැන් දැන් මගේ අතපය සීතල............වෙනවා
මන් අත් නුදුටු සිතිවිලි හද දිව..............එනවා
අන්අර තුටින් මරණය දිව ගෙන..........එනවා
මන් දැන් මරණ සුව වෙත ඔහු හා........යනවා



No comments:

Post a Comment