Saturday, March 18, 2023

ශ්‍රී සුබ මංගලම් අක්කා අයියාට .~

 ගතවී දිනෙන් දින අතැගිලි ගැනු දාට 

පිබිදී නැවුම් පැතුමන් ලස්සන පාට 

මේ  සුබ දිනයෙ නුඹ ළඟ අප නැතුවාට

ශ්‍රී සුබ මංගලම් අක්කා අයියාට

 

සුන්දර පැතුම් මල් හද තුල  පුරෝගෙන  

ලස්සන දෙව්ලියක් වී නුඹ  සිනාවෙන 

කුමරා ඇවිත් සුබ සිහිනන්  දරාගෙන 

දිවි මග යන්න සතුටින් අත් බැදීගෙන

  

පතනා පැතුම් සිතු ලෙසටම ඉටුවන්න 

දකිනා සිහින දිවි එකටම ජයගන්න 

දිරියෙන් තුටින් පැතු  ලොව දැන්  හබයන්න 

සොයුරිය  අපේ හද පිරි සුබ මල් මෙන්න.....