Tuesday, January 13, 2015

සිහිනයක් දකින සොඳුරා

සිතිවිලි දෙමින් හද වෙත පෙම නුදුටු.....තව
විට විට පෙනී සිසිලස තවරමින............නව
ලං වී නිතැත මුත් යන දුර වෙතට..........තව
ලියුමට බැරිය ඔබ ගැන පෙම් සිහින.....කව

විකසිත හදක් මවමින් දී සොඳුරු.........සිනා
සිහිනයෙ පැතුම දී හිරි මත මැඩුණු.....මෙනා
සගවනු කිමද සොදුරිය පෙම් මෙලෙස..මනා
පෙම් සිත මුහුණෙ දුටුවා මුදු සිසිල.......උනා

පිබිදෙන සීන සගවා ලෝ තලයෙ........පිට
කවි මුතු අමුණමින් රස පෙම් ගගුල....කට
ඔබ ගෙන හබමි මා සක් රජු විලස......සිට
සොදුරිය දෑත දෙනු යමු නව ලොවක්...දුට

1 comment:

  1. සිහිනෙන් පවා නව පැතුමන් පතන විට..
    මිහිරෙන් පෙමක් ගැන සිතුවිලි සිතන විට....
    රහසින් හැඟුම් සිත් තුළ දළු දමන විට..
    මෙලෙසින් පිය නගමු දෙදෙනා එකට සිට....

    ReplyDelete