Thursday, January 8, 2015

~~..නැටුමට ගොස් වූ හදිය..~~


   නැටුමට ගොස් වූ හදිය

1.
මේ සත් වෙනිද ගිය සතියේ ඉරිද..............දින
ඇරයුම් ලැබිණි පාටියකට සතුට..............දෙන
සිත්සේ සැරසි තුටුවිල මැද අසිරි.............යෙන
මා පියමැනිමි නාවල ත්‍රී විලය.................කින

2.
විස්මිත ලෙසක සරසා අංගන.................මාලේ
ලස්සන ලෙසට හැඳ මිතුරන් නව............තාලේ
සිත් සන්තොසින් කෙළිමින කෙලි රස...ලොලේ
රැස් සුර පුරයෙ හැරුනයි නාවල..............මාලේ

3.
මිතුරන් සියලු දෙන ගීයට නටන..................විට
තාලෙට අඩි තියා කිංකිනි සලන..............කොට
මොනවා කරන්නද ඉවසිලි කොහෙද...........මට
නිතැතින් නැගිණි පා නැටුමට සතුට............පිට

4.
අත් පා නොසෙල්වනු අති දිගු කලෙක.........සිට
සිත් සේ නැටිණි ගී රසයෙන එකලු...........කොට
ලත් ඒ අනගි තොස අමතක නොවනු...........සිට
අත් විනි ඉරණමක් පා පැටලිලා...................සිට

5.
සුර රස කොහිද මා අල්වා පය.................රිදුනු
දැඩි ලෙස හඩා  වැලපී පය හා................බිඳුණු
වට පිට බලා ලජ්ජා බිය මත...................සිතුනු
ආවා එන්න නිවසට සිත හා.....................රිදුනු

6.
බැරි වැඩ කරන්නට ගොස් මේ ලෙසට..........හිඳ
කකුලක් නිසා අන් වැඩකිඩ සමග................මිද
සතියක් එකතැනම සිටියෙමි දුකක්..............විඳ
එනමුත් ගතිමි දිවියට පාඩමක්..................සොඳ


No comments:

Post a Comment