Wednesday, April 15, 2015

අමාවක - සඳ නැති සද..~

1.
සිනිදු සුසුමුදු තෙදින රැස් බල මතින ගං දිය අමා දිය              කල
බිලිදු මල් පොඩි යොවුන් බර කර යොවුන් සුසුවද ඔවුන් මත  සල
ගනදුරෙහි ගෙවි හදට බිය වැදි අමා සිසිලෙහි සුවය මෙහි       සල
තරිඳු නුඹ අද කොහිද තරු මල් අඹර පාලුය හිස් අහස           තුල

2.
රුදුරු තුරු මත අනෙක පැහැයෙන් සියක් ගෙත්තම් නුඹම  මැව්වා
සිදුරු අතරින් එකී රැස් දේදුනු මතින් පොළොවටම              එව්වා
මැදුරු පැල්පත් දෙකම උඩ එක විලස රන්සුණු එලෙස      කැව්වා
අදුරු දින නුඹ නොමැති සද පෙර විලස ඒ සැම සැමට         රැව්වා

3.
පාරු ගමනට බුමිතෙල් ටික නුඹ නිසාවෙන් ඉතිරි              වූවා
සීරු මාරුව සොරුගේ නැවතී වටින සැම ගෙයි ඉතිරි         වූවා
මේරු දරු කැල මිදුලෙ නුඹ සිසිලසෙන් වන්නම් ගිගිරි      පෑවා
මාරු වී එය අනිත් පසෙකට එවන් සිසිලස් අද             නොවූවා

4.
කිවිවරුන් නුඹ අසිරි පද කල නිසොල්මන් වී තම නිවෙස්    තුල
සිත්තරුන් නුඹ අසිරි රුව දුටු නින්දෙ සුව විඳ තම යහන      වල
සන්තොසින් අප සැවොම ඇලලු නිසාකර රාජියෙනි සුව    හල
සිත්තුටින් මෙහි වඩිනු විත් යලි ලොවම පුබුදනු සිනා මල්   සල

5.
අහස් කුස හා පැටියා අද නැත පොළොවෙ මිතුරන් හමුව   ආවේ
සහස් සුර දෙව් කතුන් නැත අද අඹරෙ රංගන මදුර            පෑවේ
මිනිස් තිරිසන් නිදින මත්වී සිහිනයෙන් ඒ අසීර               පැතුවේ
අහස් රාජිනි සිසිරාකර මෙහි වඩිනු සැම හද ජනිත              වුවේ






වීදියේ දරුවා

වීදියේ දරුවා


1.
පොඩි මුදු නොමැති දෙපතුල් රළු පොළොවෙ..තියා
දැඩි අව් පියසෙ මැවු නොදකින සිසිල.........සොයා
වැඩි සැප නොලද අත් යුග ගුවනටම..............අයා
හැඩි නෙත යොමමි මම අසරණ බවම...........කියා


2.
ගනදුර පැතිරි ලොව තුල බිය හදින්..............දුවා
හෙන හද මැදින් නොදුටුව මව් තුරුල..........මවා
යන යන තැනෙහි පෑගී දන ගැහැලි.............කවා
පන නල රකිමි නොවටින දිවි පහස............නිවා


3.
නොලදිමි හැදුම්පිලි වයිවාරණ..................පාට
නොලැබිණි රස මසව් ලස්සන නෙක.........පාට
දෙන දේ කමින් වැරහැලි හැඳ මඩ ...........පාට
අම්මා නොමැත මට,පවසන්නේ..............කාට


4.
දහදිය ගලන අත් පා මහතුන්...................රවන
දිගුකර සැනහි රුපියල දෙකකට...........ලැබෙන
මිනිසත් බවෙහි මිනිසෙකු නොවෙමින්.....සරණ
වහදිය වුවත් සැපයෙකි දිවියට.............ගෙවෙන 


5.
අත් අල්ලන් යනෙන දරුවන් මව්..............හාම
සිත් සන්තොසින් ඉපිලෙති සෙනෙහස්...බෝම
ඉරණම් ගෙනා තනි ලොව අදුරත්............හාම
ලත් මා නොදුටු රුවකිය ලස්සන.............පේම


6.
පීදෙන සිතුමෙ මියැදෙන රහසකි.........වෙලෙන
කීවත් කාට නැත දුප්පත් පල.............ගෙනෙන
මේවත් පව්ය කල පෙර බවයෙදි...............දිරන
හීනෙන් දකිමි මහතෙකු දිදුලන..............ඉගෙන


7.
ලැබූ නව වසර සව් සිරියෙන් සරු............වන්න
ආදර සිසිල මැද සන්තොස දින...............වන්න
මහතුනි පිනට මට මොනවා හරි.............දෙන්න
සුබ සිරි ඔබට මගෙ ආසිරි මල්.............මෙන්න




















Monday, April 13, 2015

නවසරට ආසිරි..!!



    සිත් මල් අලුත් හිරුගෙන් විකසිත......වන්න
    සතුටින් පරණ වියවුල් ඉවතට...........ලන්න
    දිරියෙන් පතමු අප දිවි යහපත්...........වන්න
    සුබ නව පැතුම් මත නව දින පිළි.......ගන්න


    මව් පිය සැමම  නිදුකින් නිති තුටු......වේවා
    කරදර රෝග බිය මේ සැම නැති.......වේවා
    කඩයිම් සියලු  පැනයන්නට හැකි.....වේවා
    යහළුවො හැමෝටම නවසර සුබ.....වේවා


    පතනා පැතුම් ඉටු වී සිත් සතොස........පිරී
    කරනා යහපතට තව වැඩිවෙමින.........දිරී
    දිනනා මගම දිස් වී සුබ මතින්.............සිරී
    ලබනා වසරෙ උතුරනු ඔබ සැමට.......කිරී


       ලබන්නා වූ මේ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම
        සියලු පැතුම් ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!!




Sunday, April 12, 2015

නොපැවසූ පෙම

+++++නොපැවසූ පෙම+++++++
+++++++++++++++++++++

(Based on a true experience of one of bestie 😊😋)

1.
නිල් වන් වතින් සැරසී මුදු පැතුම් මතින්..
මල්වන් නුඹේ මුව මැව්වෙමි සොදුරු සිතින්..
දල්වා පහන් සිල දිවියෙහි  පෙමින නිතින්..
සල් මල් අතුරුවෙමි මග පියමනින නෙතින්..

2.
සිත තුල නැගෙන සිතිවිලි එක්කර සිනිදු..
නිතරම ඉතිරි පෙම පවසන්නට බිලිඳු..
සිත දිරි රැගෙන සවසක එනතුරු දිනිදු..
සිටියා මගම බලමින් නුඹ මුව  යලිදු..

3.
දඟකම් දනිමි කල සිට මිතුරෙකු ලෙසිනා..
සරදම් කලෙමි ඉතිරූ හිරිමල් පෙමිනා..
මොනයම් ලෙසත් නුඹ එන කාලය ගෙවුනා..
ඉවසන් මමත් එනතුරු සිහිනයෙ වෙලුනා..

4.
සියුමැලි පයින් නුඹ  එන සෙවනැලි වැටිණි..
වෙහෙසින් බරවු මා මුව හසරැල් වැටිනි..
ලොව සැම මදෙස නෙත් යොමලා ලෙස දැනිණි..
විමසන වදන් කිම ,තොල් හිමිහිට ගැහිණි..

5.
ලංවී නුඹද මග හෙමිහිට මා සිටිනා..
නොදැකපු විලස කලබල විලසින් ඇදුනා..
අමතන වදන් නොඇසූ ලෙසකින් ඇදෙනා..
නුඹ දැක සැණින් හද විල සසලව සිදුනා..

6.
මිතුරිය මදක් නැවතී මෙය අහගන්න..
මා මෙය ගෙනාවේ නුඹටයි අරගන්න..
මිතුරෙකු ලෙසින් සඟවිමි හද නැගි පින්න..
හෙට එන උපන් දිනයට ආසිරි මෙන්න..

7.
කලබල වෙසින් නුඹ පය හනිකට නැගුනා..
මා සෝ බරව දුවමින්  පසුපස ඇදුනා..
මෙය ගනු නුඹට ගෙන ආවේ හඩ නැගුනා.. 
අරුමෙකි  කොපුල් නොදනිම කඳුලින් තෙමුනා..

8.
මට මෙය එපා සොහොයුර නොගනිමි මේවා..
දැක්කොත් යමෙක් මොනවා සිතතැයි කීවා..
හද විල තැනූ මන්දිර බොදවී ආවා..
නුඹ රුව සෙමින් මා එහි අතහැර දීවා..


9.
දිවගොස් අසන්නට සිතුනත් කිමද කියා..
මගෙබස් නුඹට අමිහිරි දැයි නොදැනි නියා..
ගොලුබස්  රැගෙන තනිවී මව් පෙමම සොයා..
සොම්නස් වීමි කඳුළැලි හද මඩලෙ තියා..
 
10.
සිතුනා උදය ලාහිරු නුඹ වෙතැයි කියා.. 
සිතුවා නුඹත් මගෙ පන නල බිඳකි කියා..
වැටෙනා කඳුළු සිරකර හද මඩලෙ තියා..
නිතිනා පතමි නුඹ දිවි සරුවන්න කියා..

11.
අමතක කරනු බැහැ සිතිවිලි මල් පිපුන..
අමතක කරන්නට වෙහෙසෙමි නුඹ නමින..
අමතක කලත් යම්කල සිතිවිලි බැදුන..
අමතක නොවේ හිරිමල් පෙම හද නැගුන..








Saturday, April 11, 2015

අවුරුද්දයි විබාගයයි


ඇවිදින් තවත් වසරක සව් සිරි මාසේ..
සතුටින් සිනහ බර වී කිංකිනි  වීසේ..
සිතකින් දකින සිරි සගවාගෙන රහසේ..
කොහොමින් විදින්නද අවුරුදු සිරි දේසේ..


පරිසර නැවුම් බව නොපෙනිණි පෙර වාගේ..
සුවබර පැතුම් නොදැනිණි මිහිරිවු රාගේ..
මගහැර සියල් මුදු මා හිර ගෙයි වාගේ..
නව ඉර නොදැක ඉන්නද පවකට මාගේ..


සැමදෙන එක්ව නිවසෙහි මුදු සිනහ සලා..
ඇදගෙන අලුත් පිලි අවුරුදු එලිය කළා..
පොත අත තියන් කවුළුව දෙස ඉදිමි බලා.. 
එරබදු නැගෙන තුරු වැල් මට විහිලු කළා..


මතකය ගලයි අවුරුදු මින් පෙර වසරේ..
සිටියෙමි ගැලී සතොසින් සැම හා මිහිරේ..
සිප් කඩයිම් අතර තැලි පොඩි වී අවරේ..
අවුරුදු සිහිනයකි ගෙවෙනා කල අතරේ..


විකසිත පැතුම් දී නවසර එලිය බලා..
මා පෙර කලෙදි සිත් සේ සිරි පැතුම් කළා..
අවුරුදු සිරිය කවියන් රස මිහිර කළා..
එනමුදු බැරිය කව නංවනු අසිරි බලා..


එකමුතුකම වැඩෙන සිංහල  අවුරුද්ද..
සැම සිත කවර සතුටක් නම් ගෙන දෙද්ද..
විදිනට නොලත් සුබ පැතුමන් සගැවෙද්ද..
මා පොත සමග ගැහි ගැහි අවුරුදු කම්ද..


පියමැන දිවියෙ අරුණලු වෙත දහිරි දෙපා..
හිස වෙත නොනිමි බර පැටවිණි විලස අපා..
අවුරුදු විබාගයකින් සැඟවලා සපා..
සරසවි අනේ මෙතරම් සිත රිදනු එපා..





Friday, April 3, 2015

සරසවි ගී සිසිල



        ගී රසවිතට වන වැට මන් බිඳ හැරිණි..
        සරසවි මවුන් දේවිය කිරුළන් වැටිණි..
        සැන්දෑ යමක නිවහල් සඳ රැස පෙරිණි..
        සරසවි ගී සිසිල නෙතු ඉදිරියෙ හැරිණි..

        දහදිය මතින් නව පන ලද සිසු රොදකි..
        ගී රස විලෙහි කිමිදෙනු සිත් රිසි සෙයිකි..
        පය ඉක්මනින් සඳ රැස වෙත යෙන බවෙකි..
        සරසවි දේවි පිළිගන්නට රස විලකි..

       හද සංයමින් උතුරා යන කවි පෙමිනා..
       බැඳ සිරි යහන් සුන්දර සුර ලොව යෙහෙනා..
       ගී රස විතෙහි නැළවෙන තැන අප සිටිනා..
       සරසවි සෙමින් බිම වෙත වැඩි යුරු පෙනිනා..

       බැස ගං දියේ සිසිලස් ගී සිසිල  මවා..
       පිස සෝ තැවුල වැඩ කිඩ රුපු වෙහෙස දවා..
       අසමින් මියුරු නද වීනා මතින රුවා..
       මසිතත් මිදිණි ලොවෙතින්  මුදු සිසිල පොවා..

      මීවිත රසය සවනත බිඳු බිඳු වැටිණි..
      වීනා මතින් සුර දෙව්ලියො බිම ඇදිණි..
      සීහල ලෙයින් බැඳි රන් මිණි මුතු දිලිණි..
      ගී රස සියුම්  මා හද නිවහල් කෙරිණි..

      දකිනා සිහින සඟවා මතු දිදුලන්න..
      ගයනා කවිය ගී හද මී පැණි වැන්න..
      විදිනා කලක රුදු සැඩ අමිහිරි පින්න..
      පෙමිනා විදිමු ගී රස සරසවි දුන්න ..
















Thursday, April 2, 2015

නොසිදෙන විල..

පහනක් වෙලා අදුරට දිවි දකින්නට..
සවියක් ලැබිණි පෙර මග නෙතු දකින්නට..
කදුලක් රැදුණු නොපෙනෙන නෙත් හොවන්නට..
කවියක් කියමි වැරයෙන දිවි දුවන්නට..

බියගුළු ඉසිරි ගුවනත වැසි අදුර බදා..
කියවන කවිය සිප් දිය හිස් හිසට පුදා..
මියයන නිතින මුත් නොපෙනුම සිතෙහි රඳා..
දුවයනවා මමත් හිමි මෙය බැවිනි සදා..

ලාහිරු සෙමින් එබෙනා විට මොරටුවට..
පීදෙන සිතුම් ගෙන දිරි අරගෙන පයට..
මා දිවගියත් මව් පිය සෙනෙහස් බලට..
මේ සිත නොයයි ඉවතින් කවි පන්හිඳට..

තිබුනත් මැරෙන්නට ගිනි අවි රුදු පැයෙහි..
සවියක් නැතත් සිසිලස විදුමට කවෙහි..
දිවියත් එකතු කල මා රස බිම ලොවෙහි..
විල්තෙර දකින්නට එමි සැමදා රැයෙහි..