අරුම රුව සඟවමින - ලකෙහි මැද ගිරි අතර
පියුම රුව මුසු සිරෙන - දෙනෙත මත් කර අදර
සුයුමැලති සිනහ බර - මුහුණු සම වෙන කවර
ගැයුම මේ පද නුඹට - සිහිගිරියෙ ලඳු පවර
පෙළට හිඳ සුරගනන් - ලෙස මලින් මල නෙලන
වතට නුඹ බිඟු අදත් - ඒ මලෙකි රැවටෙමින
නුඹට ඔය පියකරුව - කොයින්දැයි විමසමින
රසට රුති දෙස් විදෙස් - දන නිතින ඒ තොසින
කොකුම් රස තවරමින - රෝස කම්මුල් මතට
නෙලුම් මානෙල් රැගෙන - බුදු පුදට යන පෙළට
දැකුම් වුව නුඹ - සිල් සුවද ගෙන ඒ හදට
සිතුම් කොහි අන් රුවෙක - මැවු නුඹට සම තිතට
මුහුල බැඳි වටකුරුව - එකට ඉහලට රැගෙන
මුහුණ නුඹ අඹ මලෙද - රේණු සමතැන පෙරෙන
පුන් සිසිද කොහි - නුඹේ ළමට සමවන රුවින
රන් කතුනි නුඹ සිරෙන - දෙවගණන් කොහි රැදෙන
සොදුරු දිවියෙක තතුද - සතුටු ලොව පෙන්වමින
මැදුරු මත ගිර සැඟවි - ලලන රූ විදහමින
මහරු සිතුවම් ලොවක - අදුරු එළි මත සොවින
ලලන සිහිගිරි නුඹය- රජත සිරි ලක දරන
No comments:
Post a Comment