Thursday, January 8, 2015

.෴ සුනාමි ගෙනා සයුරට෴




.෴  සුනාමි ගෙනා සයුරට෴

1.
මනලොල අසිරි බැඳි ලාලිත පුතු.......සයුරු
නොසිතූ ලෙසින දැඩිවී හදකින.........රුදුරු
දියතට රැගෙන ගොඩබිම සැම හා....ඇතිරු
දස වස අදයි නුඹ වියසනයට............රුදුරු


2.
උදුරා අදර බැදි හදවත් රුදු...............හදින
හඩවා ලොවක් එසැනින රුදු කම්......වලින
මඩවා දහස් දෙන තම ජීවයෙ..........පෙමින
අතුගා දැමුව නුඹ රකුසෙකු වී..........තෙදින


3.
හිත් පිත් නැතිව මව් පිය දරු දෙපස......ඇද
විස්සෝපයෙන් බැට දී නර විලස .........හිද
ලස්සන ලොවම අඹරා ජල කඳෙහි......මැද
දුක්බර මතක දුන්නා නුඹ සයුරු...........රද


4.
සුන්දර හදට වියරුව උණු කඳුළු.......පුදා
උන් තව සොවිනි මතකයෙ විස රසින.මෙදා
සාගර රකුස දැනගනු තෙත සිතුම්.........විදා
ආදර බැම්ම බැඳි මනු හද සවියි...........සදා


5.
දැල්වෙන සියුම් පහනෙහි සිල දෙනෙත..පුරා
හැරගිය හදට නිවනෙහි සුව පැතුම.........දරා
නැවතත් මෙලෙස සොව නුදුටුව සිතුම..කරා
සමගිව බැඳෙමු අත් බැඳ එම මතක........දරා

No comments:

Post a Comment