Saturday, October 31, 2015

සිත් පිත් නැති උන්ට අයිතිද උන් සිහින ?..


මුව පිරි කැලුම් නැත දිරි ලෙය ඇත ගලන..
කුසුමෙක සුවඳ නැත පෙර කල පැතු ලෙසින..
දිවි ජය ගන්න දිවි දෙන නැගණිය මුවින..
හද පිරි දිරිය දහසින් වැඩි බව පෙනින..

නෙත් අබිමුවෙහි දැල්වූ මව්පිය සිහින..
උත්තම දෙවුන් පිදු සරසවි මග වටින..
රත් වුනු බැටන් මත ගොලුවෙනු බව පෙනින..
සිත් පිත් නැති උන්ට අයිතිද උන් සිහින ?..

රිදුනත් දුකක් උන් හට නොදැනෙන හින්දා..
කඳුලක් ඇවිත් නුඹ නෙතු නැවතිණි රන්දා..
මනුසත් කමට පෙර නිල බල ආ හන්දා..
දිරි ලෙය මතින් දිරි පුතු  අද ඉකිබින්දා ...

යන මග නොමැති මුත් සැප පිරි බුමුතුරුණු..
යනු සොයුරියෙනි පෙරටම දිරියෙන පිරුණු..
බියගුළු නිවටයින් මත නොසැලෙනු දරුණු..
එනු ඇත හෙටක් සරසවි දිනවන මිතුනු..








Wednesday, October 21, 2015

අද නුඹ ගොසින් දිගු දුරකට නොකියාම..

පාළුව අඳුර නෙතු සැම තැන වෙලීගෙන..
සරසවි මවුන් වැලපේ සෝ පුරෝගෙන..
සිනහව අහිමි මිතු දම බැඳි සදාතන..
දෙහදක් සොයා සුදු කොඩි නල බදාගෙන..

සදවත මතින් සොහොයුරු නුඹ මිදුනේද..
තරු විල මතින් යම් ලෙද නුඹ වැටුනේද..
දිවි මග සිනහ විල මේ ලෙස දුරුවීද..
දහසක් අතර නුඹ නිසලව සැඟවීද...

එක බත් කටක රස විද බැඳි පනසේම..
සිනහව සතුට වින්දෙමු මිතු හැමදාම..
නෙතු යුග පියන් නිසලව  සුදු වතහාම ..
අද නුඹ ගොසින් දිගු දුරකට නොකියාම..

ආ රළු මගෙහි නොතිබිණි සැප බුමුතුරුණු..
යන මග කටුක රළු වැට කොටු විනි දරුණු..
නොබියව නුඹත් විත් දිරි බෙල මත පිරුණු..
සුන්දර ලොවම නිසලද මැව් සැප පිරුණු..