Thursday, January 8, 2015

~~.. අරුණේ මිහිර ..~~


   අරුණේ මිහිර

1.
අහසෙහි පලිඟු මිනකව හිරු කැළුම්..........විදා
පහසෙහි හොවා ඒ රැස් වට සුරඟ.............ඇදා
මහදට සතුටු කැන්දා රැස් වටම...............බෙදා
රහසක් කියනවද මිහිලිය වෙතට............මෙදා

2.
අරුණට හොරෙන් මිහිලිය පෙම් රැස්........සමග
සීතල රැගෙන ගෙයි මුල් පඩියට..............සුළඟ
බැල්මක් හෙලා හිමිදිරියෙම මට.............අනග
අරුණෙහි මිහිර ඇද ගති ගත සිත...........වසඟ

3.
හිරු පැහැපත්ව කැන් දී මේ හතර...........වටේ
තාමත් රත්මලින් හැඩවේ දෙවට...........වැටේ
නෙක කැන් වයා මදුමිහිරෙන් ගලන......කටේ
විහඟුන් ලලිත ලෙලවයි සුර රසින්..........වටේ

4.
මෙම මුළු ලොවම මා සතුවේ කියන.......සෙද
උමඟන පිච්ච මානෙල් උඩගුවෙන්...........හිඳ
අම සුවදෙහි දොවා ඉමිහිරි රසික..............හද
රමණිව නටයි මද නල හා තුටුව...............හිඳ

5.
සමනල් පැටවු මල් මත වෑයමක............යෙදී
සුන්දර සොබා දහමට සිරි අසිරි...............බඳී
කව්ඩන් කැවිඩි ආලෙන් මොහොතකට....මිදී
දිවි රැකගන්න තම අත්තටු සෙමින...........පදී

6.
විල්ලුද පලස වැනි මල් වැටි පාර...........දිගේ
මල්දලු එක්ව මද සුළඟට රඟන............රඟේ
උණ බට පඳුරෙ සංගීතයෙ මිහිර..........නැගේ
අරුණේ මිහිර පැල් බැඳගෙන ළමැදෙ...මගේ

No comments:

Post a Comment