මුව පිරි කැලුම් නැත දිරි ලෙය ඇත ගලන..
කුසුමෙක සුවඳ නැත පෙර කල පැතු ලෙසින..
දිවි ජය ගන්න දිවි දෙන නැගණිය මුවින..
හද පිරි දිරිය දහසින් වැඩි බව පෙනින..
නෙත් අබිමුවෙහි දැල්වූ මව්පිය සිහින..
උත්තම දෙවුන් පිදු සරසවි මග වටින..
රත් වුනු බැටන් මත ගොලුවෙනු බව පෙනින..
සිත් පිත් නැති උන්ට අයිතිද උන් සිහින ?..
රිදුනත් දුකක් උන් හට නොදැනෙන හින්දා..
කඳුලක් ඇවිත් නුඹ නෙතු නැවතිණි රන්දා..
මනුසත් කමට පෙර නිල බල ආ හන්දා..
දිරි ලෙය මතින් දිරි පුතු අද ඉකිබින්දා ...
යන මග නොමැති මුත් සැප පිරි බුමුතුරුණු..
යනු සොයුරියෙනි පෙරටම දිරියෙන පිරුණු..
බියගුළු නිවටයින් මත නොසැලෙනු දරුණු..
එනු ඇත හෙටක් සරසවි දිනවන මිතුනු..
අන් දුක කිමද හදුනන්නි
ReplyDeleteසිත් පිත් ඇත සිහිකරන්නි
සුපියුම් විල්තෙරේ කිමිදින්නි
පැසසුම් පිදෙයි කවි කුමරියනි
Deleteවිල්තෙර වෙතට කිත් පැසසුම් දුන්නේය
නොමසුරු වෙසින් කවි බස පන දුන්නේය
හිටිවන කවක් එලෙසින් පද බැඳුනේය
කිවි සුරු සොයුරෙකුට තුති මල් පිදුනේය
විල්තෙර බලන්නට කලකින් ආ හින්දා...
ReplyDeleteනොලියා යන්න බෑ කවියක් පද බන්දා..
ලස්සන වදන් නිසිලෙස ගලපන හන්දා..
කියවා යන්නෙ පද පෙළකුත් මෙහි රන්දා...
නිසිතැන සුදුසු ලෙස ගලපා ඇත හොඳට...
හිත් පිත් නැතිව බැට දෙයි නොමිනිස් ලෙසට..
කවියෙන් වුවත් හඩ නැගුමත් ඒ දෙයට..
වටිනා දෙයකි මේ නොමිනිස් ලෝකයට ..
යන එනවා නිතර විල්තෙර දිහාවට.
Deleteදිරි දෙනවා සිතින් කවියෙන ලතාවට..
රස පැදි එකතු වේ මා විල් තලාවට..
තුති මල් සොයුර දිරි හා කවි කතාවට..