++++++++++++++++++++++++++++++++
සවනට වැටුණු අම මී හඬ කොහිද පැතූ..
අදුරකි වැසිත් නැති සංකා ගෙනෙන තතු..
අද එන දවස මග නැත නුඹ මෙයින් මතූ..
වැසිලා ගොසින් උණු කඳුලින් පවුලෙ නෙතූ..
දෙතොලෙහි රැඳුනු සෝ ඇත ගොළු විලාසෙන..
නැග එන සොවකි එන හදවත තලාගෙන..
සෙනෙහස මැවිණි බැඳි ඇත් රූ විලාසෙන..
නැන්දා නිසොල්මන් වී ඇත බලාගෙන..
ලේ කිරි කර නොදුන්නත් මව් සම ළඟ උන්නා..
සෙනෙහස ලපටි කල සිට සිතු විල ඇදුනා..
පරපුර තෙජස් වෙස් මුල් පුරුකෙහි දිලුනා..
අපටත් හොරා නුඹ වෙනතක් වෙත ඇදුනා..
පැදයන මගෙහි අකුරින දිරි සතට බෙදා..
නිකැළැල් දිවිය විනි සංයම සිතුම් රඳා..
අවිහිංසක හැගුම් දරු සිත් තුලට පුදා..
අද නුඹ ගොළුය ලොව උණු නෙතු කඳුළු බදා..
කැළඹෙන මහද වෙර නැත සැඟවෙන්න ලොවින්..
තනිවෙන පියුම් හට සිනැහිය හැකිද වෙරෙන්..
සවනත නොවැටි නුඹ වදනන් මියුරු සරෙන්..
ගැලවෙන එකම වේ සැප මේ දුකම නිරෙන්..
කවියෙන් සවන් පුබුදා සිත සනසන්න..
අප ගී කතා අසමින් අප ළඟ ඉන්න..
වැටෙනා සැම කලදී අත දී නැගිටන්න...
හැකිවෙද නුඹට යලි අප අතරට එන්න..
සිතුවිලි නතර වී සියොළඟ කඳුළු කැට..
නුඹ ළඟ නතර වී සෙනෙහස මවන කොට..
සහසක් බැඳුනු සුර ලෝ මට පෙනෙන කොට..
නැන්දට හැකිද යලි එන්නට අදම හෙට..
දිවියෙක අරුත බැහැ අප හට වලකන්න..
ගෙන එන දෙයට බැහැ මනුසත් පරදන්න..
රැස් කල පිනෙන් හොද යහපත ඉටුවන්න..
නුඹ හට උතුම් නිවනෙහි සැනසුම වෙන්න..
දන්නා යමකි මෙලෙසිනා
ReplyDeleteදන්නා නොදන්නාවකි කෙසේවිනා
නොදන්නා එයමකි කෙදිනවෙනා
වෙන්නා සැමැකි වියොවිනා
දුක් යැයිය ප්‍රිය වෙන්වීමෙනා
අටලෝ දහමකිය දෙසනා
ඇල්මය දුක්ය ගෙනෙනා
කල කම්මය ඉතිරිවේනා
කෙලවර නොවේ මේ භව ගමන
යන්නට තිබෙයි තව මේ දුක් ගමන
සසර කෙටි කරයි චතු සත්‍යයේ ගමන
මන් පෙත් සදයි නිකලෙස් දිවි ගමන
මෙත් සිත් වඩමි ඔබ සිත් සැනසෙන්න
ධම් පද කියමි සත්‍ය හැඟවෙන්න
පින් මල් පුදමි ඇය භව සැකසෙන්න
ඔබේ දුක් නිවෙයි ඒ ගුණ පැතිරෙන්න
පෙන්වා දෙන්න වෙහෙසිණි අනියත දහම
Deleteඉන් ගැලවෙන්න බැරි අට ලෝ දම් පරම
සුන්දර නිවන පමණකි බව'තෙර කෙරුම
යන්නට ඉතින් වෙරගමු බුදු දෙසු මගම
දැනගෙන සොඳින අනියත බව දහමෙ රැඳී
පන ගැන සිතා මුලදිම දම් මගෙහි ඇදී
යන දිවි සරලවම තුටු හද විලෙහි බැඳී
අනියත විලස් දැනගමු දුක හදින මිදී
විල්තෙර කවිය පද වැල් ඔප කෙරුවාට
උත්තම දහම කවි පිළිතුර කෙරුවාට
නොමැකෙන ලෝ දහම මත සොව වැසුවාට
තුති මල් ඔබට රස කවි පන පෙව්වාට
විල්තෙර ඔප කරන්නට නොම වෙර දැරුවේ
ReplyDeleteරස කවි බදින්නට නොම අදිටන් කෙරුවේ
ලෝ අනියතම බව පමණකි සිහි කෙරුවේ
හද දුක් සුම්ම හැගි කවි පද කෙරුවේ