Saturday, January 17, 2015

රහමෙර නොගනු මුව වෙත මව් කිරි බිව්ව


රහමෙර නොගනු මුව වෙත මව් කිරි බිව්ව

1.
සිල්පද රාව පැතිරේ වටපිට...................සෙමින
සිල්වත් දනෝ මුමුණති එම පද................හදින
නිල් කිරි දහර මත දිසි රන් සඳ............නැගෙන
මුල්ලක හතර පයකිය දිස්වෙන................අදින


2.
රහමෙර කටක් බීගෙන විත්................ජිනදාස
වැනෙමින ඇවිත් කඩපිල මත නර..........වේස
සිල් පද ඇසෙන ගම මැද හඩකින............රාස
මිනිසත් අමනුසුන් විදහයි රුව.................වාස


3.
වැඩ කිඩ කුලී කර දහවල තෙදින..............සිට
පුද කර සියලු එක්කල හවසට................තිතට
සංයම ගතම විකුණා මැර දියරෙ..............කට
හේ මුළු රැයම යයි මනු මැවු සුර ........ලොවට


4.
වැඩ කිඩ වෙහෙස යන්නලු මත්පැන්..බොන්නේ
සතුටින් සිටින මග මේ බව පව.............සන්නේ
සිත පැන සියල් එසැනින් අමතක.........වන්නේ
සිහි ඇති අපිත් කුමටද මේ විම.............සන්නේ


5.
මිතුරන් වැඩි වේලු රස ගෙනවිත්..............හාද
සතුරන් නැතිලු සැමවිට සහනය..............දේද
රහමෙර එලෙස මනු නුඹ සහනය.............වීද
මව් කිරි බිවු කටට වස විස පෙව්..............වාද


6.
අන් හට දුකම දී නර  තිරිසන්..................විලස
මනු ලොව නමට කැත කුණු තවරා.....මෙලෙස
දිවි ගෙන යනු එපා මනු අමනුස්...... ...වෙසෙස 
රහමෙර නොගනු කිරි බිවු කට වෙත... එලෙස


7.
පන්සිල් පද පහකි අප මනු රැකිය...............යුතු
පස්වන පදය සුරකිනු දැන නියම...............තතූ
සිහි ඇති දැනුම පෙන්වන මිනිසෙකුව........සතු
මිනිසුනි ලැබූ දිවි එම ලෙස රැකිය.............යුතූ









No comments:

Post a Comment