Thursday, January 8, 2015

~...හේ අපට රජෙක්ම විය...~~

~...හේ අපට රජෙක්ම විය...~~

1.
සිව්පස රටෙහි රැක දිරි බල සිහල......ලෙයින්
මව්බිම පෙරට ගෙන මහ රජතුමෙකු..වෙසින්
පසුබැස ගියත් බලයෙහි අනසකය.....මතින්
පුද දෙමු ඔබට කුසුමන් බැති පිරුණු....හදින්

2.
ලක්දිව සිටින කල රතු ලෙය පුරෝ.....ගෙන
සක්රජු විලස විත් රණ අවි දරා...........ගෙන
නැතිවූ මිණි කැටය මෙහි යලි හොවා..ගෙන
සාමයෙ කිරණ මැව්වා එඩි වඩා.........ගෙන

3.
පිසදා අදුරු සෙවනැලි කඳුළැලි.........වැටුණු
දස වසරකට පලදා ගොවි දන............ඔටුනු
හසරැලි මතින් මවමින් ලක සුර..........පටුනු
දස තේජස් මැව්ව  ඔබ උරෙනුර......ගැටුණු



4.
බිහිසුණු යුද සමය අතුගාලා...............පවර
දුෂිත සමය නොදැමූ බවෙහින්............උදුර
8 වෙනිදා දනන් දුන් සැලකිලි............අතර
ජනපති නික්මීය තම මන්දිර..............ඇතර


5.
රන් අරුණලු මවා දියුණුවෙ මග.........රණින
අන් බලතරින් නැතිවුවත් බල.............දරන
මින් නොවැටෙනු මිහිදු රද කරුණෙකි.වටින
රන් අකුරින්ම ලියවී නුඹ නම...........දෙරණ

No comments:

Post a Comment