සහසක් පැතුම් මල් සිත් කොන හොවාගෙන
දහසක් කඩොලු මත දිවි ගඟ හඹාගෙන
පැතු දිවි පියුම් එන විටදිම පිපීගෙන
කඳුලක් නතර විද බැඳි ලොව කඩාගෙන....
ගණදුර කපා සුදු සඳ රැස් පැතිරෙද්දී
දවසෙක වෙහෙස බැඳි ඒ නෙතු පියවෙද්දී
සිව් දරු සෙනේ මැද මව් හා සැතපෙද්දී
අමනුස් සිතකි රුදු කෝ ලෙය දිදුලද්දී....
කවියට වචන නැත උණු දේ පවසන්න
පපුතුර සිතුම් හිර වී බැහැ පන ගන්න
උණුසුම නැතිවිනිද මව් ඇකයෙන් දුන්න
කිරි කැටි දූ හටත් දැනුනද ලෝ ගින්න....
රත් පැහැ අහස සිය සෝ දුක් කියනකොට
පණ නල අහිමි විනි අසරණ දිවි සයට
සිතුවිලි නතර වී ලොවෙහිම කඳුළු කැට
අනියත බවම වැටහිණි දිවි තෙරෙහි මට....
නිසසල පුතුනි හැකිනම් යලි ඇහැරෙන්න
නුඹ සිටි රෝස කැලයට දුව ගෙන යන්න
ලොව හරි සැරයි බැහැ සුර දරු හට ඉන්න
මේ දුක් පිරුණු සසරට යලි නොම එන්න....
සුන්දර දරු සිනා උරුමව නැති වීද
කෙලි සෙල්ලම් බඩුත් නිවසෙහි තනි වීද
අදහනු නොහැකි මුත් කඳුලම හිමි වීද
බියකරු සසර ගැන ලොවටම පැවසීද.....