Thursday, January 8, 2015

~~.. වැසි දිය මගේ දිවි සවි සැම රැගෙන ගියා ..~~


 වැසි දිය මගේ දිවි සවි සැම රැගෙන ගියා

1.
අරුනලු කිරණ නුදුටුව ගුවනතම..............පලා
කරුණකි පැතිරී කළු දුම අනසකින........වෙලා
පිරු තද නිහැඩි බව වැසි හද තුටින..........බලා
වැරු අප සියලු ජළ කඳ වෙත බාර.........කළා


2.
ගිගුරුම් මතින ලොව අනියත බියෙහි.....හොවා
මොර ගෙඩි විලස වැසි බිඳු හෙන හඩින.....මවා
නොනැවති තමන් දිරි මෙහි රණ ලෙසින.දොවා
වැසි දිය මගේ දිවි සවි ගෙන ගොසින........අවා


3.
සර හද මිහිරි නොවු පොල් අතු වහල.......ඉරා
නර වෙස ඇවිත් වැසි දිය කටුමැටිය........පෙරා
දරදඬු බවින් සතු සැම ජළ කඳින.............උරා
උරණව කිමද මෙලෙසින නැති බැරිය...සොරා


4.
දිවියෙක ලැබුණු සියලුම ජල රකුස.......සොරා
සවි නැත මෙමට දුප්පත් සළු මතින..........දරා
හැඳිවත පමණි උරුමව දැඩි සොවක් .......දරා
වැසි වෙත අඹමි දුක් රූ හද නුතුට............මරා


5.
ආදර බැඳුනු පැල දිය මත සොවින................බලා
කරවට දියත් මා දරුවන් සමග.....................වෙලා
බිහිසුණු ලොවෙහි කෙරුමන් සිය නෙතෙහි...හෙලා
අනියත මෙයයි පහදා සිත සුසුම්...................කළා

No comments:

Post a Comment