Saturday, February 28, 2015

අසම්මත සොඳුරියට..

( නුදුරේ සරසවි යන ..)

උන්නත් එකට පෙම් වියනක සෙනෙහෙ........සලා
ගෙව්වත් සමය මල් කවියෙක රසිනි.............වෙලා
බැම්මන් යයිද කැඩි හද අප දෝරෙ................ගලා
දැන් මහ බියක් මගෙ හදවත උරුම..............වෙලා


හිමිදිරි උදයෙ සිට සඳ නැගෙනා..................තුරුම
හදවත දකිමි බඳිමින් නිවහල්.....................පෙමම
නුඹ වුව සිටී සතුටින වෙළෙමින...................පරම
වෙයිදෝ පතන ලොව යම් දිනකදි..............උරුම


විකසිත ලොවම මවමින් දී සොදුරු..............සිනා
සිහිනය පැතුම් කර ඉදිරීයෙ මවනු.............මෙනා
උදයේ පිපුණු පියුමක් ලෙස සුවඳ................උනා
සගවනු එපා සොඳුරිය පෙම් මෙලෙස..........මනා


නුදුරෙම දකී නුඹ සඳ නැගි.................හන්තානේ
සැම දේ වෙනස් වනු ඇත අප බැඳි.............හීනේ
අමතක වෙයිද මා යලි හමුවෙනු...............බෑනේ
ලොව නුඹ දිලේ සරසවි පිවිසුම්.................හීනේ


වරමක් නොමැත මට සරසවි...............ලබන්නට
එය ඔබ හට හිමියි දිවි තෙර.................හඹන්නට
යොමවා සිතම මුළු එය හද..................දකින්නට
හැකි නම් සිතනු මා අමතක................කරන්නට


සුපියුම් සුවඳ මල් පෙනෙනව..............බඹරුන්ට
නුඹ දිවි එපා විස බඹරුන් හට.................දෙන්ට
සරසවි මගෙහි වුව හැකිනම් බහ.............දෙන්ට
සිහිනය දකිමු එකටම යන මග.................යන්ට





Wednesday, February 25, 2015

ඇල්මෙන් පුදමු බුදු හිමි දම් සිසිලැල්ලේ....





මල් සුවදෙහි ගිලී බෝ මැඩ............සෙවනැල්ලේ
සිල් සුවදෙහි බෙලෙන් ගත සිත........සැනසිල්ලේ
දැල්වෙන පහන් එළි මත සිරිපද...............රැල්ලේ
ඇල්මෙන් පුදමු බුදු හිමි දම්..............සිසිලැල්ලේ






තුරු මල් දරා සැරසි මුදු සුවඳ....................ලමින්
මද නල හමයි මුසු කර දම් සිසිල.............සෙමින්
බුදු පුද සමග සුර මිහිරට එකතු................වෙමින්
බොදු ගී ගයමු මෙත් විහිදා ලොවෙම.......පෙමින්





වැට කොටු පවුරු බැඳෙනා කල දෙරණ......පිට
රුපු සෝ කටුක සිතුවිලි නිති ගලන........... විට
මෙත් සුව හොවා සැමගෙම සිත් පතුල...... යට
බුදු බණ පමණි දුන්නේ මුදු සිසිල...............මට





පන්සල් බිමෙහි බෝ රදුනගේ සෙවන........යට
තෙල් මල් පුදා සැනසී බුදු සමිදු..................හට
නිවනෙහි සුවය සිහිකර සිත් පතුල.............යට
මුමුනමු සියුම් දම් පද බව සුවය..................පිට



හදුනා ගනු බැරුව මග දන අඳුර................. මැද
කුරිරුව සිතුම් සෝ බය මත සිටින..............සද
පහලව ලොවෙහි ගෞතම අප මුනිදු...........සඳ
නිවනට මගම පෙන්වී මෙත් කුලුණු...........මැද




තුන් සිත පහදවා පව් සැම දුරැර.................. ලමින්
පින් ඇති උවැසි හා පින්සිත   පුබුදු............වෙමින්
තෙමගුල සිහිකරන්නට මෙන් මුමුන...........වමින්
බෝ පත් නටයි බුදු ගුණ කොදුරමින.........සෙමින්






කැටි වී මල් සුවද සිල් සුවදට...............යෙහෙනි
එක් වී සද එලිය බණ පද හා ....................රසිනි
පන්සල් බිමෙහි උවැසියො හදපත් .........බැතිනි
බුදු බණ සිසිල විහිදයි ලොවටම...............තුටිනි




Tuesday, February 24, 2015

පෑනේ (කවි) මිතුරිය හමුවිණි.



දුන් නිදහස් කලෙන් රන් මව් පියන් බලා....
යන්නට නිවෙස වෙත ඇදුනිමි කොටුව බලා...
දුන් අව් රැසින දහවල මුළු අහස පලා...
මන් පසු වුනෙමි හිස රිදුමෙන් සොවෙහි වෙලා..


හඩනා හඩින් මුදු නැති දුම්රිය ඇදිනි...
දරනා ලෙසක බර කටු එය මග සිදිනි...
දුවනා මිනිස් පොරකා එය වෙත නැගිණි...
නිතිනා ලෙසෙක සිටගත්තෙමි තුටු හදිනි...


බෑගය උඩට දා ලැප් එක ගෙන කරට..
වෙහෙසින් සුසුම් ලා පන්නර ගෙන සිතට..
වටපිට බලා හසුකර මිනිසුන් නෙතට...
දුටුවෙමි අයෙක් නෙතු යම් හදුනන ලෙසට...


තරමක් පිරුණු බෑගයකුත් කරට ගෙන...
ලැප් එක එක් පසින් අපහසුවෙන්ම ගෙන...
සිටියා ඇයත් වටපිට නෙතු වලට ගෙන...
සෙව්වා  කව්ද මේ , මා මතකයන්   ගෙන..


යෙහෙළියකදැයි මැය මාගේ මුහුණු පොතේ..
කවි සුරු යෙහෙලි යද මේ ළඟ සිටින නෙතේ..
කුකුසින් වුවද විමසිමි මා දිරෙනි සිතේ..
සිතුවා හරිය ඇය කවි යෙහෙළියයි පොතේ..


අව් ගිනි රැසෙහි බැට කෑ සරතැස නිවුනි..
දොඩමලු වෙමින් මිතුදම මත කල ගෙවුණි..
නොදැකපු මිතුරු බස් මත සංයම හදිනි..
තුටු කැලුමන් මතින් ආ දුම්රිය ඇදිනි..


සංයම සිතින් විමසා සැපදුක් සොඳට...
ආ ගිය දේස පවසා සතුටින් සිතට...
දුම්රිය ඇදෙන කල හිමිහිට ගමනතට...
සුන්දර මතක එක්විණි මිතුදම් පොතට...








Friday, February 20, 2015

සරා සඳක් වනු නුඹ මට..~



නෙතට ගැලුව කඳුලැලි නිති ඔය දෑතින්................පිසලන්නට
සිතට ගැලුව අම පෙම් දිය පෙනුනි කෙමෙන්......දිලිසෙන්නට
ඔබට මසිත ඇදුනිය සොහොයුරු මිතුදම..............බිඳලන්නට
පෙමට බැදුණි නොදැනිම පතනා සිහිනය............සිරිදෙන්නට



තුටින් බැඳුනු මිතුදම සරසවියෙහි සවි.....................පාදන්නට
පෙමින් බැදුණු වග සොදුරුයි මුළු දිවියට සවි...........දෙන්නට
සිතින් සිතක් යා කරමින දුර වුව නිති...................හමුවන්නට
ඉතින් බඳිමු පෙම් කවි නැගෙනා සරතැස...........බොදවන්නට


 
ඉරා අදුර සිසි වැඩි යුරු සුර ලොව සිරි................පිබිදෙන්නට
නුරා බැලුම් සමගින් මුදු පෙම් සිසිලස................විසිරෙන්නට
දරා නොසිට හද පත් පෙම සත් සමුදුරු..............ඉතිරෙන්නට
සරා සඳක් වනු නුඹ මට දිවි ඇති තුරු..............සැනසෙන්නට



විදා කිරණ  ආලය හද මුදු සොම්නස................මතුවෙන්නට
පුදා අමිල විස්වාසය දෙහදක් මතු යා........................වන්නට
සදාතනික බැදුමන් තද පෙම් සිසිලෙන්................ඔදවන්නට
සදා පුරමු පින් මතු බව අප අපටම......................හිමිවන්නට




අමතක නොවිය යුතු දේ..~..




1.
උදයේ කරපු දැය අමතක වී....................හවස
එම හිස් මොලය හා නැවතත්  එමි..........නිවස
ඕනා වුනත් නිවනට දැනුමෙහි................පවස
මතකය තමයි වැට බැඳ ඇති සැම...........දවස


2.
කට පාඩමින් කල  හැක කඩයිම.............පැනුම
එනමුත් ලැබිය නොහැකිය නිසි ලෙස.......දැනුම 
ලැබ ගමි එයින්වත් දිනුමෙහි නව...........පෙනුම
මතකය නුඹත් වනු මගෙ දිවියට...............දිනුම


3.
"බර්මුඩාවක්ද ඔය නුඹ ඔලු.................ගෙඩිය"
අක්කා හඩ තලයි නිති හප්පා.................අඩිය
කොටලා බීම දැනුමත්,ගෙන...........වංගෙඩිය
කෙරුමට සිතේ තරකර දැනුමෙහි.........මඩිය


4.
අමතක වුවත් පාඩම් කරනා................කරුණු
අමතක නොවේ කිසිදා  කළගුණ......කෙරුණු
අමතක වීම පොදු මුත් සැමටම.............මිතුනු
අමතක නොවිය යුතු දැය ඒකයි...........දරුණු



5.
ලැබුවත් මතක වීමෙන් දැනුමෙහි..........සවිය
දිනුවත් ලොවක් බලයෙන් මතකයෙ......අවිය
ගුණ සිත් ඇතිව මිනිසුන් විලසින්...........දිවිය
ගෙවුමත් කරමු බලයෙන් කළගුණ........අවිය












Sunday, February 15, 2015

රන් කඳ තාම පැල් රකිනවාද..?..~



1.
සදකැන් ඇතිරි ගෙමිදුල දොරකඩට...............වෙලා
ලද මුත් නොලද පෙම වෙත බියසුලුව.............බලා
රද මා පැලෙහි ඉන්නා රුව සිතෙහි...............වෙලා
පද සෝ බදිමි බැදි සිතිවිලි ඉවත.................නොලා


2.
මැසි මදුරුවන් දෙන බැට මත.................ඉවසිල්ලේ
සූකර ගෝන එනතුරු නිති.....................විමසිල්ලේ
නෙතු නිදි යදින මුත් දිරි මුසු..................සිතුවිල්ලේ
සී පද ගොතනවද හිමි ඔබ මුදු.....................රැල්ලේ


3.
විසකුරු සර්පයින් පැල වෙත එන්න................එපා
සුකර ගෝන නෙතු එහි අසුවන්න..................එපා
මිනිසත් තිරිසනුන් සොර බිය දෙන්න.............එපා
සැම දෙවි බැල්ම මිස කරදර වෙන්න.............එපා


4.
පතනා දිවිය මතු එන සිහිනය...................මතෙහි
ඔද වැඩි බියට දිරි ගෙන ගෙවෙනා...........පැයෙහි
රුව හිමි මවාගෙන ලස්සන මා.................සිතෙහි
තනිවම පැදුරෙ නිදියමි සැමදා..................රැයෙහි



5.
පැල මත මගේ රුව ඔබටත් පෙනෙන............වද
ලස්සන සිතුම් මන්දිර හෙම ඇදෙන...............වද
මා ගැන වුවත්  රස සී පද කියන.....................වද
පතනා ලොවට යන අඩිමන්  දකින................වද


6.
සද රැස් අපට හෙට දින වත් සුව..................දේවි
සිහිනය පතන හොරැහින් වත් බිඟි...............දේවි
තනිකම නැතුව දෙදෙනම ආලෙන්.............පේවී
දිනකදි අපට අඩ සදවත්..........................පායාවී














Thursday, February 12, 2015

දිරිමත් දුවක වෙත ඇදුනා මගේ ඇස..~



1.
දහදිය වෙහෙස රැදි මුව තුටු කැළුම.............පිස
සංකා විලෙහි පරවුණු සුපියුමක්...............ලෙස
සෙමිහිට ඇදෙන නිවසට වැඩ පොලෙන්...බැස
දිරිමත්  දුවක වෙත ඇදුනා මගේ...............ඇස

2.
යව්වන සමය තම ගෙත්තම වෙතට...........යවා
සංකර නොවන දිවියෙහි කාසියට..............දුවා
ලස්සන රටා ගෙත්තම් රෙදි මතෙහි..........මවා
පව් ගෙවනවද නුඹ අසා පසෙක.............හොවා

3.
වත පිදු සේද නැත දිගු සායකි..................ඉරුණ
සායම ගොස්ය උඩු වත නිතරම................ඇදුන
කෙහෙ රැළි ගොතා නිසි ලෙස පිළිවෙල...පෙනුන
මුව නුඹ සිනහ නිති සොව යටපත්..........කෙරුන

4.
දැගිලි නිදි වරා නිති තුන් තිස්................පැයෙහි
තියුනුව දෑස යොමමින් ඉදිකටු...............තුඩෙහි
මැසිමට පෙමින බැඳ නැගි අඩනා...........හඩෙහි
මන්දිර තනනනවද නුඹ සිහිනය.............මතෙහි

5.
එක ලෙස දිනක සැප නැති පුටුවෙහිම.........හිඳ
නෙත මැහුමෙහිද සිත දිවි මන්දිරද............බැඳ
කදුලැලි ඇදෙන ලස්සන නිමවුමෙහි...........සිඳ
මල් විය අනුන් සරසනු වෙත ගෙවන..........වද

6.
දරදඩු පවස යනවිට ගත සවිය..............සොරා
කෙනෙහිලි අනෙක වැදුනද සෝ හදම......මරා
දිරි මත සිනාසෙන යව්වන මුකුළු..............දරා
නුඹ සුර දුවකි දිනනා  ලේ කඳුළු............පෙරා














Saturday, February 7, 2015

දෙව්වරු රැදෙන පින් බිම මේකයි දෙරණ...

දෙව්වරු රැදෙන පින් බිම මේකයි දෙරණ..

1.
පියවර දිවියෙ නැවතී රන් මං.................සලෙහි
දියවර වැරෙන් අදිනා කල දිරි................මතෙහි
ලද නිදහසින් යන්තම්, දුවනා.................මගෙහි
පැදි පෙළ සෙමින් බැඳුනා මව් හට..........හදෙහි

2.
මොරටුවෙ සරසවිය ලෙස මුළු ලොව...දිලෙන
නුවණැති දරුන් සිප් මත දිවි රූ..............අදින
දින දින දිලෙන තරු මුළු ලොවටම........පුදන
දෙව්වරු රැදෙන පින් බිම මේකයි.........දෙරණ

3.
නිති දුක් ගැහැට තම යන දිවි මගෙහි.......හුරූ
විදමින තුටින් සිව් වසරක් ගෙවෙන.........තුරූ
දෑ කුල තරම නොදනින එකමුතුව..........දැරූ
සරසවි බිමයි මෙය  සුර ලොව අසිරි........පිරූ

4.
ඉපදුනු නමුත් රජ මැදුරක හෝ...........පැලෙක
එකමුතු අපට රස ඇති එක බත්...........කටෙක
දින දින ඔද වඩා දිවි සුන්දර..................මතක
සරසවි දිවිය පදිනෙමු සුර ලොව..........මගෙක


5.
දැනුමෙන් අවිය ලෙලවා ලොවෙහිම......නිතර
සවියෙන් බදින බැමි විස්මිත කර.............පවර
කෙළියෙන් වුවද දැනුමෙන් දිනනා........නිතර
දෙවියන් සිටින තැන මෙය මිස වෙන......කවර











Tuesday, February 3, 2015

මුළු ලොව ලැබුනත් වෙනස් නොවේ.මගෙ එක වස්තුව නුඹයි දුවේ..~.

(2015-02-03 දින අලුත්ගම සිට ගම්පහ බලා දුම්රියෙන් පැමිණිමින් සිටියදී , යාචකයෙකුගේ සංවේදනාත්මක ගායනයක් මුල් විනි..)

1.
සුසිනිදු දෙපා දිගුකර මුදු පුළුන්................ලෙස
රිසි ලෙස දිගහැරී නිවහල් ලොවක............බැස
සිසි වන වුවන පුබුදා රත් කැළුම................ඉස
මසිතෙහි අදර දේ දූ මගෙ  සුරඟ..............වෙස


2.
කිංකිනි සලා නා දළු නල ගැටෙන.............ලෙස
මන්දිර තනා වට ආදර පහස.......................ඉස
සංයම සිතින් සැම නෙතු අදරින..................රස
මන් තුටු වෙන්නෙ  පහසිනි සක් රජෙකු.....වෙස


3.
දහදිය මතින් වැඩ කර දුක් රැදි..................සිතට
පහසකි අරුම  දූ ආ කල මගෙ..................අතට
අමතක වෙලා ගත අපහසුකම්..................හදට
මා සෙනෙහස් විලෙහි දූ සමගිනි...............සුවට


4.
මල් වැනි සිනහ සලමින හැර පුංචි.................මුව
මල් වැනි රන් දත්හි රන් විසිරුවා..................රුව
නිල් මැණිකක්ව විසුරන සිරි අසිරි.................සුව
කුල්මත් වන්නෙ සිරියාවෙන්  නුඹෙනි.......ලොව


5.
අත් යුග බිලිඳු මා උරහිස......................තබාගෙන
නෙත් මා නෙතෙහි දවටා පෙම..............වඩාගෙන
සිත් අබිමුවෙහි මා සෙනෙහස..............හොවාගෙන
විස්මිත ලොවෙක යමි දූ ළමැ.................තියාගෙන


6.
හිම කුමරියන් සමගින මුදු........................වලාවක
නුබ උනුසුමට ළමැ දී සිලි......................ලතාවක
නිති සෝ රැදුන මුව රඳවා.......................සිනාවක
දූ හා රැදෙමි මා සුර රජ..........................කතාවක


7.
දිනකදි නුඹත් වැඩි සිරි අගනක්....................වේවී
කුමරෙකු අතින ගෙන මා අතහැර.................යාවී
ලේ කිරි නොවුත් නෙතු මා තෙත මත..........පේවී
සුදු දූ නුඹට  යන්නට දෙනු  බැරි..................වේවී


8.
රන්මිණි විලස නුඹ සතු දිරි රැක...............ගන්න
දහමෙහි වෙලී මෙත් පාවඩ මත..............යන්න
මව් පිය අපව රජ පුටු මත හිදු..................වන්න
මගෙ දුව ලොවට සිරි දෙන අගනක් ........වන්න












Sunday, February 1, 2015

පෙමට සුබාසිරි මල්..~.~




 ( මිතුරියෙකුට ලීවෙමි )

පුන්සිසි නැගෙන කල හිමිහිට සොදුරු.........රැයේ
නන්දන උයන් පිරෙනා මුදු  සැදෑ..............පැයේ
සුන්දර හැගුම් ගෙන කවි මිතුරියට .............මයේ
වසරක පෙමට,ආසිරි මල් පුදමි..................ලයේ


මල් රොණු වැදී තව මල් හන්තානේ..........පුරා
සමනල් පිරේවා පියකරු සිතුම්..................දරා
සියොතුන් අහස් ගැබ පෙම් යුවලින්ම........සරා
ආදර පලස් අතුරනු කිචි බිචිය.................පෙරා


සැන්දෑ අහස පෙම් සායම හොඳට............උලා
මල් විසිරුමින් කොඳ සුවදින පැහැය........සලා
මද නල සෙමින ආලය දෙන පරිදි............ගලා
ආසිරි සිහින විසුරයි , සුබ පැතුම..............උලා


ගං තෙර පුරුදු ලෙස සුරැ සිරි හැඩ..........ගන්න
දෙපසෙහි ඉලුක් බෝවිටි වන්නම්.........දෙන්න
ගං දිය සෙමින් මද පවනෙම බැස...........යන්න
ආදර සිහින බැදි දෙදෙනගෙ සිරි...........දෙන්න


වසරක් ගෙවුණු කල වියු පෙම්............කතාවට
විකසිත සිහින මුසු කර මුදු.................සිනාවට
ලස්සන හෙටක් පෙම් සිහිනයෙ...........දැකීමට
දිරියෙන් පියනගනු දෙදෙනා එකට.............සිට


පිබිදෙන සීන සමගින මුදු හැගුම...............පිට
කවි මුතු අමුණමින් රස පෙම් ගගුල..........කට
රන් පාවඩ මතෙහි  දිරි පා සමග ..............සිට
සසරෙහි බැදෙනු මේ මගෙ සුබ  පියුම්......මිට




මම එමි නුදුර..~..



මල් රොණු වැඩි තව මල් හන්තානේ.....පුරා
සමනල් පිරේවා පියකරු සිතුම්..............දරා
සියොතුන් අහස් ගැබ පෙම් යුවලින්ම....සරා
ආදර පලස් අතුරනු කිචි බිචිය..............පෙරා


සැන්දෑ අහස පෙම් සායම හොඳට........උලා
මල් විසිරුමින් කොඳ සුවදින පැහැය.....සලා
මද නල සෙමින ආලය දෙන පරිදි.........ගලා
මම එමි නුදුර සැරසෙනු පිළිගැනුම.......බලා


ගං තෙර පුරුදු ලෙස සුරැ සිරි හැඩ.......ගන්න
දෙපසෙහි ඉලුක් බෝවිටි වන්නම්......දෙන්න
ගං දිය සෙමින් මද පවනෙම බැස.......යන්න
අප ලං වෙන විටදි උණ ගස් නද........දෙන්න


කෙහෙරැලි ලෙහෙන ලෙස ගොතමින දෙපස..සලා
මල් ගවොමකින් සැරසී මකරන්ද.................උලා
සුළගේ සෙමින් නටමින පෙම් සිතුම්...........වෙලා
මම එමි නුදුර සැරසෙනු පිළිගැනුම...............බලා