Saturday, January 17, 2015

FM වසන්තය..~..



1.
එලෝ දෑ මෙලෝ වෙත-ගෙන එමින නිති    රැදෙන
මෙලෝ දෑ එලෝ වෙත - ගෙන යමින නෑ බැඳෙන
දෙලොවක දුක සතුට-අමා දියෙ පොඟ        කරන
හෙලෝ මේ FMය - ඔබේ තනියට             සිටින

2.
උදේ සිට රෑ තෙක්ම-රෑ සිටම උදය               ටම
විදේ ඔබ වෙත සින්දු-අර සින්දු ගී             මේම
හදේ දෑ පවසන්නෙ-මේ මිසක වෙන  කොහොම
සුදේ අපි ඉමු මෙහෙම-කොමලින්ම බර     පරම

3.
වෙලාවට කලාවට - යදින ගී                 සැමහාම
සොලා ගත රසවිදිනු - මෙන්න තෑගිත් බොහොම
මලාවට කිමද ඔය - බණ පදය සහ             දහම
ලලා ලා ලලී ලා - කෝ නටමු අපි         මෙහෙම

4.
කන දෑද බොන දෑද- අදින පළදින            දෑද
යන තැනද පදම හොදි - වලද ඕනා        නේද
මොන පොත්ද දැන් ඉතින්- FMට වී        හාද
යන ගමන යමු පැදන්-චුරු චිරියෙ  ගී        මූද

5.
උදේ සිට සාලයේ - පුටුවකට බර              දිදී
රැදේ සුදු නංගිලා - අසන්නට ගී            පොදී
වැදේ සූකිරි වදන් - ගතම කිති දෙන       ලැදී
සුදේ මේ  FMය - එන්න අප හා             බැදී










No comments:

Post a Comment