Thursday, January 8, 2015

~~..නිර්මල පෙමක්..~~

1.
රහසින් බැඳුනු හදවත් ලොව හමුවෙ----------------නොකී
සිතිවිලි සිතෙන් සිත යේ දුක පාලු-------------------- මැකී
යුවලක් හංස ලෙස මුන් දැන් දැකිය------------------හැකී
එහි ඇති අරුම සැනසුම දෙදෙනාම------------------- දකී


2.
මව් පිය හට හොරෙන් දෙහදක් සබැඳ-----------------බැදී
රන්වන් අනගි අදහස් දෙපසටම------------------------අදී
ගව් ගණනකින් දුර වුව රස මිහිරි---------------------පොදී
සංයම ලෙසින් සවනින් සවනතට----------------------රැඳී


3.
පොත පත පසෙක දමමින් ආලයට-----------------යොමා
ඇත මුන් දෙදෙන සිත් එකිනෙක සමග-------------පෙමා
කොතරම් පෙමින් බැදුනද බස් රසින-----------------අමා
සිත නම් නොදෙන බැව් දිස්වේ අහක----------------දමා


4.
කරදර සතුට මේ යන අන් සියලු--------------------වැකී
හරවත් ලෙසින් සතුටින දෙදෙනාම------------------දකී
දුරකතනයට ජංගම ඇත අනගි----------------------වැකී
සුර ව්මනක්ය එය හට සුරු දැකිය-------------------හැකී


5.
නිර්මල පෙමට වේවා සුබ අසිරි--------------------දෙවා
යන්නට දිරිය වේවා දිවි ගමන----------------------රුවා
රන්දම් මොවුන් හට ගන්නට රුවින----------------තවා
පින්දම් ලැබේවා සිරි බැඳී ලෙසින------------------රුවා

No comments:

Post a Comment