Thursday, January 8, 2015

~~..අනියතයි මේ ශරීරය..~~



   අනියතයි මේ ශරීරය

1.
සම්පත් කරා හඹමින් ලොබ හදට...........කවා
කම් පස ගැලී සීමිත නොව සැපය.........දොවා
නිම් නොව තුටු සයුරෙ ගිලුනද උදය.......හවා
යම් දින නුඹත් වැළලේ දිවි අරුත..........මවා


2.
සංකර සුවඳ හැඩ දමමින් සිරුර..........කෙරේ
රන් රිදි ඇදුම් හැඳ මානෙන් ඔදව..........පිරේ
අන් අය වෙතට පෙන්වුව මුත් කුලයෙ...තරේ
තුන් දොර නුඹේ පිරිහී පව් අතර............එරේ


3.
ගස්සා ගියත් මානෙන් සිටු කුල.............තරම
දිස්කල නමුත් තම සුරඟන රුව.............පරම
තොස් කිම ඉදිරියේදි වෙද ඔය පෙනෙන..රම
නස්නට නොහැක ඒ කල දුක හද........ඇරුම


4.
සුද වී නීල කෙස් තිබි දන ලඟට...........වැදී
ඇද වී පාද අත් නෙක සෝ රිදුම.........බැඳී
මද වී දත්ද පැහැපත් ගත ඉරිද............සැදී
අද තුටු කමට නැත තුටු මේ විලස........රැඳී


5.
දැනගෙන සොඳින අනියත බව දහමෙ...රැඳී
පන ගැන සිතා මුලදිම දම් මගෙහි........ඇදී
යන දිවි සරලවම තුටු හද විලෙහි.........බැඳී
අනියත විලස් දැනගනු දුක හදින..........මිදී

No comments:

Post a Comment