Thursday, January 8, 2015

~~..සැදෑ යම ගං තෙරක..~~


සැදෑ යම ගං තෙරක

1.
සරනා විටදි ඔබ මොබ දිවි මං.............සලක
දරනා කලෙක සොව හද වියවුල්.......අනෙක
විදිනා ළදැරි මා තනි කවි ගං...........තෙරෙක
රදනා සිසිල් සුව දිගහැරි කවි.............සිතක

2.
කවි පෙළ අතර රැදි මුදු රස ඉවත........නොලා
මැවි දෙව් සොඳුරු සිතුවම හදවතින.....බලා
රවි මුළු ගුවනතම හේ අණසකින්........වෙලා
විවි ගෙත්තමින් දිලි හද පතුලෙහිම.......වෙලා

3.
ගං දිය රසින සැඩ හිරු සිතුවම්.........පලෙක
රන් සුනු මතින හැඩවී අනගන.........විලෙක
මින්දද නොදුටු නිවහල් ලබැඳිය......ලෙසක
වන්නම් නටයි සුපුරුදු නර්තන.........රසෙක

4.
තනිවූ දිවියෙ තනි මැකී හබලටම..........පෙම
මිනිරන් වුනිද වටි රන් නැති කලෙක.......එම
දිනි දුප්පත් බවේ සලකුණු මුවෙහි...........එම
තොටියෙක් වුවද දෙවියෙකි නුඹ දිරෙහි...වම

5.
උණ ගස් පෙලම මුදු ගංදිය වෙත..........නැවිලා
මන බැඳ පෙමට මෙනි බිය සෝ ඇත....හැරලා
යන ගඟ පහස එම නිදුකින මෙන්.........බලලා
යනවා ගලා නෙක රූ ඒ මත................ඇදලා

6.
සැන්දෑ යාමේ පිපි මල් රොනු දියෙහි........වැටි
ඇන්දා ලෙසකි ගෙත්තම් නෙක පැහැය...කැටි
නැන් වෙන සදෙහි රුව දිය මත පහස........දිටි
මන්දිර සැණෙලි මතුවෙන සිරි මතුව.......කැටි

7.
දිවි ගඟ අරුත පහදා හොදහැටි..........පෙනෙන
විවි යුරු අගෙයි ගං දිය ගලනා..............යුරෙන
සවිමත් වුවද බාදක නෙක මත............තොසින
මැවි රූ හදම සනසයි අරුතෙන..............රනින






1 comment: