Monday, January 12, 2015

සරසවි පහස නැවතත් අරබමු............සොයලා

1.
මසකට නොදුටු සැම නෙතු ළඟ දරා.......ගෙන
මව්පිය අදර සතියක් කල් තියා...............ගෙන
ජීවිත ගමනෙ සුපුරුදු සුව හිතා...............ගෙන
නැවතත් තබමි පා සරසවි හොයා...........ගෙන


2.
කලෙකට මග හැරුණු කෙළිලොල් සිනහ...මවා
අදරින් මිදුණු හුන් තම පෙම් තුරුල.........හොවා
එක පවුලෙහිම උන් වෙත රජ බොජුන්......කවා
නැවතත් දකිති සැම පැතු තුටු ගඟුලෙ.....දොවා


3.
පාඩම් අතර තම නිදිමත දෑස...................හැර
හොරැහින් මිතුරු වෙත පොඩි ඉගිබිගිය.....කර
නුපුරුදු වුනු පුරුදු නැවතත් දකින.............යුර
දිය බිඳ දෑස සෙව්වා නිතැතින්ම................දුර


4.
අම්මා ළඟ විටදි කෑ රස බත්..............සොයලා
පෙම්මා ගියත් සැනසී කඩ බත්..............අනලා
නිම් නැති කඩොලු සොයමින් සිග මන්..යැදලා
සරසවි පහස නැවතත් අරබමු............සොයලා




No comments:

Post a Comment