Thursday, January 8, 2015

~~ සිරිපා පියුම වන්දනා..~~

සිරිපා පියුම වන්දනා

1.
සුර රද සිරිය රැදි ලක් බිම මතින.................අද
පුරවර අසිරි කැන්දා දෙව් අසිරි.................මැද
සරනා මිහිලියගේ පහසින් තුටුව...............හිඳ
සුර සමනොළ මතින  මෙලෙසින් හැරිණි....දද

2.
පින්නෙහි වෙලී සීතල පවනෙහි.............වැදිලා
රන් සමනොලුන් යන මග ඇත මන්......හැරිලා
මන්දිර මතින දිසි රන් කිරනෙහි..........වෙලිලා
පින් බර දනන් පිය මන් තැනුවයි.........පෙවිලා

3.
මිහිදුම් සළුවෙ සැගවී සමනොල............කන්ද
මිහිලිය මතින් පෙනී සුර රඟ සිරි...........බැන්ද
විහිදා තමන් රැස් ලක් පුරටම.................පින්ද
මෙහි පින් නදින් නැංවේ සිරි සුරු..........කන්ද

4.
ලක්දිව හතර කොනහිම බොදු දන.......සේනා
එක්වී බුදු රදුන් වැදුමට එනු.................පේනා
සත් දෙව් ලොවක දෙව් වරු රන් දද.......වීනා
අත් ලෙලවමින් හැඩවූ ලෙසකිය.........පේනා

5.
ඉදිකටු පහන ගෙත්තම් පහනද.............මතින
රැදි පින් සීත ගුගුලෙහි පේවී...............සොදින
බැඳි සද්දා විලෙන බුදු හිමි වෙත..........රනින
පිදි මේ දනෝ තම දිරි අප බුදු රජු........නමින

6.
බුදු දම් සග සරණ සිත මත දරා...............හිඳ
පිදුමට අනෙක සෝ හද මත සඟවා..........විද
ඉදුරා පසක් කර ගැන්මට සසුනෙ.............රද
කඳු හෙළ නගී බොදු දන තුටු කැළුම.......මැද

7.
නංවා බොදු ගීත තුන්සරණේ.................මිහිර
සංයම සිතින් වෙලි සද්දා ගුණ..............අතර
රන් සුනු මතින ,මිහිදුම් සළුවේ..............පවර
දුන්නා මහගු දිර මේ දන බොදු..............ඉසිර

8.
බුදු හිමි පියුම ලංවුනු බව සිතට..............වැදී
ඇදුනයි රන් සිනා බොදු දන හදෙහි.........පිදී
රැඳු ඕ නළල මත බුදු පා පියුම................පිදී
සිදුනා හදෙහි සෝ බොදු දන සැමගෙ.....රැඳී

9.
දෙව් රදු සමන් සිහිකර බුදු සිසිල..........දෙවා
ලිව් සිහ පුවත දිලි ගම්බිම් සිසිල............මවා
සව්සත සැනහි මත බුදු සරනෙහිම......හොවා
දෙව් වරු රකීවා සමනල් ගිරිදු...............රුවා




              

No comments:

Post a Comment