සවිය නැති කල වූ සවිය
1.
යන්තම් සවිය නැති විනි හද මෙන්ම........ගත
ඉන් මා ලදිමි අනියත බිය සලිත.............සිත
රන් වන් මව් පියන් ළඟ නැති කලෙදී.....ලත
මන් හැඩුවා අනේ සෝ රිදුමෙන්ම..........සිත
2.
කරදර සියල් මත මා තනි සයන............මත
නරලොව දුටිමි ගැහෙමින බිය සමග.......සිත
වරදක් නොදුටු මා ළඟ මුත් සොවිනි......නෙත
දරමුත් කඳුළු ආවා නොනැවතිම............නිත
3.
වෙනදා ලගින් වන මව් තුම දෑස..........මැවී
දින දින වැඩෙන තනිකම හිත පතුලෙ....දැවී
වනයකි මහා ගත පන නැති කලෙක.....විවී
පන නල කොහිද සෝ ගඟ විනි දැඩිව.....කැවී
4.
අත දිනි මෙවිට මිතුරියො මා අදර........සවී
සිත මා සැදිණි සතුටින සෝ කොහිද....ගෙවී
ලත මා ගෙවුණු නැත තව ළඟ සොවින...දැවී
නිත මා සිනහ ඔබ සැමගෙනි මිතුරු.......සවී
5.
කන්නට අතට දී මා රුති දේ...........ගෙන්නා
බොන්නට රසින දී මා රස පැන..........දන්නා
ලන්නට සිනහ හද ගත රිදුමන්...........පන්නා
රන් සවි දුන්න ඔබ සැම සතුටත්.......ගෙන්නා
6.
සරනා විටදී මා දිවි තුරු මං.................සලක
විදිනා සොවට දිනි සවි මිදුමට............අනෙක
රුතිනා මිතුරියෙනි ආදර ඇති..........ලොවෙක
නිතිනා මාද ඔබ සමගයි දිවි..............තෙරෙක
7.
අම්මා නොමැති කල බෝඩිම තුලදි........මට
මන් හැඩුවා හොරෙන් ඉල්ලා අදර.........පිට
රන් වන් සවිය දිනි ඔබ මට පසෙක........සිට
කැම්පස් ලොවෙහි රණ විරු ඔබ සැමයි....මට
No comments:
Post a Comment