Saturday, January 10, 2015

~~ දෙවැනි අම්මා ..~~



1.
සුර ලොව අසිරි විල ලංකා බිමෙහි..............මවා
හරවත් දියණි වට අමරස ගඟුලෙ.............දොවා
දිර මත රටෙහි මිනිමුතු සිප් පහස...............නිවා
සුර දේවි මවුන් වැජබේ දිදුල..................හොවා


2.
දින දින තෙජස් මවමින් යන.................ඉදිරියට
පුනරාලෝක දී හෙළ සිහ බසෙහි.................සිට
නම දියතෙහිම නංවා සුරු විරුවැ.................අට
රණ දියණියන් හැදුවා දිර ලෙයෙහි...........කොට


3.
අවුරුදු දහයෙ කෙල්ලෙකි එනවිටදි...........කුඩා
මව්පිය සමග පා තැබි දෙව්ලොවට.............අඩා
මල් මිට ලැබුණු සුදු,සොහොයුරි සමග......දොඩා
දෙව් ලොව දෙවගනක විමි සිත් තුටුව.........කුඩා


4.
යන්නට පාර නොපෙනෙනු විට ඉදිරි.............යට
යන්නට පාර පෙන්වා ආදරෙන්....................සිට
පෙන්වා හොද නරක සැම වෙත විටින්...........විට
රන් මෙනි දැනුම දුන් සිප් තෙර අතර.............මට


5.
නිවසින් පිටත විට වී අම්මා...................දෙවැනි
ගුණ නරකද ආදරෙන් පෙන්වා.............යෙහෙනි
තම දරු ලෙසින් සලකා අප සැම...........තොසිනි
සිප් රස පෙව්ව ඔබ ආදරයෙන්................නිතිනි


6.
දන්නා දෙයට දී කිත් පැසසුම්..................රනින
දුන්නා අලුත් දෑ නව ලෙසකින්..............පෙමින
ළංකර අනගි තතු ලෝ ගැඹුරින............තොසින
රන්මල් ලොවෙහි බැන්දා අප සැම..........රනින


7.
සමවත් සිතින අප වෙත කුලු නෙතග.......යොමා
හරවත් දැනුම දී යහමග වෙතට...............යොමා
නැණවත් දරුන් දැකුමට හෙට ලොවෙදි.......අමා
දිරිමත් මවුනි තුති කුසුමන් පුදමි...............මෙමා


8.
අව්රුදු ගණන් සිප් දී අප වෙතට.............මෙසේ
කැපකළ අයුරු කාලය කියනෙමිද..........කෙසේ
යහපත් දරුන් දැකුමට ඔබ වෙතට.........තොසේ
පින් මල් ඔබට පතනෙමි දිරි සමග..........මෙසේ


9.
සත් වස පෙවූ දිර මත රන් තරු................දිලුනා
ලත් මා පලෙහි සරසවි අරුණලු.............හැරුනා
සිත් තුටු කැළුම් වුද මගෙ හදවත..............රිදුනා
නෙත් දෙක නොදැන සිත මගෙ කඳුලින්...පිරුනා


10.
උණු කඳුළැලි මතින් සිත දිරි මවා.............ගෙන
හැරයන සොදුරු බිම මතකය දරා.............ගෙන
දෙවී දුවෙකි යැයි සිත් කිතු පුරෝ..............ගෙන
මා පිය තැබිමි ඔබ පැතු ලොව සොයා.......ගෙන


11.
දෙව් ලොව ඔබේ දිගුකල් තව...........වැජබෙනවා
"දෙවී" නමින් දිරි දියණිය.................රජවෙනවා
උණුසුම සුවය නුඹ,රන් මිනි ...............පරදනවා
යන යන තැනෙහි "දෙවී" කිතුගොස........දෙනවා





No comments:

Post a Comment