Friday, January 9, 2015

~~..අවසන් සටනින් පසු..~~



1.
අවසන් සටන ඇත හෝරාවන්.........ගෙවලා
සටනින් මෙවර ඇත්තේ කවුරුද.........දිනලා
දිනුමන් කුමට කිරි පිඩු සමගම............විඳලා
කබලින් ලිපට ඇත ලංකාවම............වැටිලා


2.
නෙතු උණු දියයි දුක් සුසුමද පෙරට.......පැන
පසෙකින් තවත් පිරිසකි ජය කෙහෙළි....ලන
උණු දේ ගියා පණිවිඩ හා සිතට............දෙන
දැන්වත් දෙනෙත හැර ලක දෙස බලනු.මැන


3.
සීහල එඩිය රැක ලක මස් නහර.............පුරා
රුප් තෙද මතින් දිනවිණි පසු කලෙහි.....අරා
ඒ සිහ රදුන් පන්නා අප තෙදොල........පෙරා
ඊලම පාර ඒවිද නුදුරෙදිම.....................ඉරා


4.
වෙනසක් ඕනෙ දියුණුව මග............ඇරඹුමට
එවෙතත් නැගිය නොයුතුය අන් බල......රටට
මේ සීහල රටයි ලොව පවතින..............තුරට
කැත කුණු නොදෙනු කිසිදා සීහල......ලෙයට









No comments:

Post a Comment