Thursday, January 8, 2015

~~..මා ළපටි විය..~~


මා ළපටි විය

1.
යන්තම් ලැබුණි ඉඩ පෙර දවසට............යන්න
ලංවුනි සිතට ආලය කැවි රස...............මෙන්න
ඉන් ගැලවෙන්න නොහැකිය කවි රස..ගොන්න
මා හද වෙලා ගත්තා මිහිරක්.................වන්න


2.
මතකය ගලයි මා පොඩි කාලෙට...........රුවින
අතළඟ වගෙයි හද දිවි යුරු ලොල්.........රසින
සිත මිදුනා සැණින් මේ යව්වන............වියෙන
හිතවත් ළබැඳි දරු කල ඉදිරියෙ...........මැවින


3.
නිදහස් කුරුළු මෙන් වටපිට යෙහි..........ඇවිද
අදහස් බොළඳ තෙපලා සතුටින.............විවිද
සදනට සිතැඟි දෑ හද මිහිරෙන්...............ඉපිද
මද නොව මසිත ලද තුට මෙතකැයි.......සබඳ


4.
සමනල්ලුන්ද සියොතුද පස්සෙන්.........පන්නා
සමවත් ලොවක බැස නිදි ලොව සැප...දින්නා
නිම නොව කෙලි නටා සන්තොසයෙ...යන්නා
අමරස සඳ එලියෙ නැටු මතකය..........එන්නා


5.
මල් වැනි සිනහ සලමින හැර පුංචි...........මුව
මල් වැනි රන් දත්හි රන් විසිරුවා............රුව
නිල් මැණිකක්ව මා අන් ළමැ අදර..........මව
කුල්මත් වුනා මතකයි පොඩි වියේදි........තව


6.
සුසිනිදු දෙපා දිගුකර මුදු පුළුන්............ලෙස
රිසි ලෙස දිගහැරී නිවහල් ලොවක........බැස
සිසි වන වුවන පුබුදා රත් කැළුම............ඉස
මසිතට නැගේ පොඩි කල රූ සුරඟ......වෙස


7.
කිංකිනි සලා නා දළු නල ගැටෙන.........ලෙස
මන්දිර තනා වට ආදර පහස...................ඉස
සංයම සිතින් සැම නෙතු අදරින..............රස
මන් තුටු වුනෙමි පහසින සක් රජෙකු.....වෙස


8.
කව්රුත් ඉතින් දින දින වයසට.............යනවා
මන් දැන් යොවුන් විය වෙත හෙමිහිට...යනවා
රන් කල ළපටි අප හද තුල රැව්...........දෙනවා
එබදුම කලක් ඇති වුන් ලොව ඉප.......දෙනවා

No comments:

Post a Comment