Friday, December 18, 2015

හැකිවෙද නුඹට යලි අප අතරට එන්න..

+++ හැකිවෙද නුඹට යලි අප අතරට එන්න..+++
++++++++++++++++++++++++++++++++


සවනට වැටුණු අම මී හඬ කොහිද පැතූ..
අදුරකි වැසිත් නැති සංකා ගෙනෙන තතු..
අද එන දවස මග නැත නුඹ මෙයින් මතූ..
වැසිලා ගොසින් උණු කඳුලින් පවුලෙ නෙතූ..

දෙතොලෙහි රැඳුනු සෝ ඇත ගොළු විලාසෙන..
නැග එන සොවකි එන හදවත තලාගෙන..
සෙනෙහස මැවිණි බැඳි ඇත් රූ විලාසෙන..
නැන්දා නිසොල්මන් වී ඇත බලාගෙන..

ලේ කිරි කර නොදුන්නත් මව් සම ළඟ උන්නා..
සෙනෙහස ලපටි කල සිට සිතු විල ඇදුනා..
පරපුර තෙජස් වෙස් මුල් පුරුකෙහි දිලුනා..
අපටත් හොරා නුඹ වෙනතක් වෙත ඇදුනා..

පැදයන මගෙහි අකුරින දිරි සතට බෙදා..
නිකැළැල් දිවිය විනි සංයම සිතුම් රඳා..
අවිහිංසක හැගුම් දරු සිත් තුලට පුදා..
අද නුඹ ගොළුය ලොව උණු නෙතු කඳුළු බදා..

කැළඹෙන මහද වෙර නැත සැඟවෙන්න ලොවින්..
තනිවෙන පියුම් හට සිනැහිය හැකිද වෙරෙන්..
සවනත නොවැටි නුඹ වදනන් මියුරු සරෙන්..
ගැලවෙන එකම වේ සැප මේ දුකම නිරෙන්..

කවියෙන් සවන් පුබුදා සිත සනසන්න..
අප ගී කතා අසමින් අප ළඟ ඉන්න..
වැටෙනා සැම කලදී අත දී නැගිටන්න...
හැකිවෙද නුඹට යලි අප අතරට එන්න..

සිතුවිලි නතර වී සියොළඟ කඳුළු කැට..
නුඹ ළඟ නතර වී සෙනෙහස මවන කොට..
සහසක් බැඳුනු සුර ලෝ මට පෙනෙන කොට..
නැන්දට හැකිද යලි එන්නට අදම හෙට..

දිවියෙක අරුත බැහැ අප හට වලකන්න..
ගෙන එන දෙයට බැහැ මනුසත් පරදන්න..
රැස් කල පිනෙන් හොද යහපත ඉටුවන්න..
නුඹ හට උතුම් නිවනෙහි සැනසුම වෙන්න..








Saturday, October 31, 2015

සිත් පිත් නැති උන්ට අයිතිද උන් සිහින ?..


මුව පිරි කැලුම් නැත දිරි ලෙය ඇත ගලන..
කුසුමෙක සුවඳ නැත පෙර කල පැතු ලෙසින..
දිවි ජය ගන්න දිවි දෙන නැගණිය මුවින..
හද පිරි දිරිය දහසින් වැඩි බව පෙනින..

නෙත් අබිමුවෙහි දැල්වූ මව්පිය සිහින..
උත්තම දෙවුන් පිදු සරසවි මග වටින..
රත් වුනු බැටන් මත ගොලුවෙනු බව පෙනින..
සිත් පිත් නැති උන්ට අයිතිද උන් සිහින ?..

රිදුනත් දුකක් උන් හට නොදැනෙන හින්දා..
කඳුලක් ඇවිත් නුඹ නෙතු නැවතිණි රන්දා..
මනුසත් කමට පෙර නිල බල ආ හන්දා..
දිරි ලෙය මතින් දිරි පුතු  අද ඉකිබින්දා ...

යන මග නොමැති මුත් සැප පිරි බුමුතුරුණු..
යනු සොයුරියෙනි පෙරටම දිරියෙන පිරුණු..
බියගුළු නිවටයින් මත නොසැලෙනු දරුණු..
එනු ඇත හෙටක් සරසවි දිනවන මිතුනු..








Wednesday, October 21, 2015

අද නුඹ ගොසින් දිගු දුරකට නොකියාම..

පාළුව අඳුර නෙතු සැම තැන වෙලීගෙන..
සරසවි මවුන් වැලපේ සෝ පුරෝගෙන..
සිනහව අහිමි මිතු දම බැඳි සදාතන..
දෙහදක් සොයා සුදු කොඩි නල බදාගෙන..

සදවත මතින් සොහොයුරු නුඹ මිදුනේද..
තරු විල මතින් යම් ලෙද නුඹ වැටුනේද..
දිවි මග සිනහ විල මේ ලෙස දුරුවීද..
දහසක් අතර නුඹ නිසලව සැඟවීද...

එක බත් කටක රස විද බැඳි පනසේම..
සිනහව සතුට වින්දෙමු මිතු හැමදාම..
නෙතු යුග පියන් නිසලව  සුදු වතහාම ..
අද නුඹ ගොසින් දිගු දුරකට නොකියාම..

ආ රළු මගෙහි නොතිබිණි සැප බුමුතුරුණු..
යන මග කටුක රළු වැට කොටු විනි දරුණු..
නොබියව නුඹත් විත් දිරි බෙල මත පිරුණු..
සුන්දර ලොවම නිසලද මැව් සැප පිරුණු..








Thursday, August 6, 2015

සිවිල් පැදුර

සිවිල් පැදුර

හරි ලස්සනයි සවනත රස වැදුණු පැදී..
අවසන තෙක්ම වින්දෙමි රස ඉවත නොදී..
දෙව් සුර ලියන් මැද  රංගන ලලිත දිදී..
ගී සමුදුරම  නියමයි සරසවියෙ ඇදී..

හද සංයමින් උතුරා යන කවි පෙමිනා..
බැඳ සිරි යහන් සුන්දර සුර ලොව යෙහෙනා..
ගී රස විතෙහි නැළවෙන තැන අප සිටිනා..
සරසවි සෙමින් බිම වෙත වැඩි යුරු පෙනිනා..

මීවිත රසය සවනත බිඳු බිඳු වැටිණි..
වීනා මතින් සුර දෙව්ලියො බිම ඇදිණි..
සීහල ලෙයින් බැඳි රන් මිණි මුතු දිලිණි..
ගී රස සියුම්  මා හද නිවහල් කෙරිණි.

සැගවෙන්නට ගියත් රස කළු වලාවක..
සරසවි බැල්ම විනි දිරි පුතු දිසාවෙක..
සොහොයුරු සැවොම සිටුවා මුදු සිනාවක..
රස  ගී පැදුර ඇදුනයි දෙව් තලාවක..

දිය බිඳු බලය නැත සරසවි පරදන්න..
සොහොයුරු බැදුම විනි පැදුරට පනදෙන්න..
අමුතුම රසක් මවමින් ගී රස ගොන්න..
සරසවි දේවි සමගින් වැඩියයි ඔන්න..

අත්පොඩි වැදිණි පිට පිට ගැයෙනා නදට..
යව්වන සිතුම් හැරුනයි නර්තන රසට..
නෙත් අබිමුවෙහි විස්මිත තත්සර ලෙසට..
සිත් නැලවුනි නොදැනි, මා නැටුමෙයි ජයට..

සටනින් ඔවුන් ජයගත් ජය දද දිලුනා..
මිතුරන් සැවොම නව පන ගත් ලෙස පෙනුනා..
එතැනින් කිසිත් පැන යනු බැරි බව දැනුනා..
අවසන තෙක්ම මා රස සයුරෙහි වෙලුනා..

රුදු වැසි අතර නොසැලී දිරි ගෙන සිතට..
සොහොයුරු බලය මත පන පොවමින් ජයට..
පැදුරෙහි මතක හැරවූ නව  රජ මගට..
කුසුමන් සිවිල් සොහොයුරු සොහොයුරි සැමට..

Saturday, June 13, 2015

මංගල ගමන ගිය සොහොයුරියට

+++මංගල ගමන ගිය සොහොයුරියට+++++
++++++++++++++++++++++

විදිනෙමි සුවය මව් පියනගෙ සුවඳ ළඟ
එනමුදු යමක් ඇත අබියස කරන දඟ
පසුපස ඇදේ සැමවිට මා යනෙන මග
මතකෙට නැගේ නිති සොහොයුරි  නුඹගෙ වග

සොම්නස සතුට සැනසුම නෙතු ළඟ රන්දා
සම්පත් විලස නිවසෙහි තුටු දද බැන්දා
නිම් නැති පෙමින් බැදි රන් සුරාලියො කැන්දා
අම්මා තාත්තා හිනැහුනි අප හින්දා

අත් අල්ලා බැඳුනු ආදරයෙන් සිතෙහි
සිත් මල් පුබුද කෙළිලොල් නිති දිවි පෙතෙහි
නෙත් කුල්මතින් මව් පිය ආදර විලෙහි
මත් වුනි නුඹත් මා ආදරයෙන් හදෙහි

යව්වන වයස හිමිහිට ඉගි බිගි කෙරුණි
සුන්දර නුඹට මිතුරෙකු සහයට ඇදිනි
කල් යල් යත්ම මිතු දම පෙමකට හැරිණි
මල් සිත නුඹේ පෙම් බඹරුට වහ වැටිණි

මුතු මාලයක් නුඹ ගෙලවට කර බන්දා
කුමරුන් ඇවිත් පෙම් නුඹ ගෙනගොස් කැන්දා
තුටු විල එදා සිටියද සැම දද බන්දා
යන විට නුඹත් හද හොරැහින් ඉකි බින්දා

යන විට නුඹගෙ පා යුග මදකට සැලුනා
නෙතු අප දෙදෙන අවසන් වාරෙට ගැටුනා
ඉපදුනු දින පටන් බැදි සෙනිහස දිලුනා
නොදැනිම අපට අප නෙතු කඳුලින් පිරුනා

නොහඩනු  මෙලෙස යනු මග දිරි දෑත මතින්
සිනහෙනු සොයුරි පෙරමග නෙතු යොමන් ඉතින්
උණුසුම සුවය ඇත නුඹ වෙත කුමරු වෙතින්
යනු මැවු ලොවට නැගුමට දිවි සිනා වතින්

සුන්දර ලපටි කෙළිලොල් දිවි කෙරුණි නිමා
යන්නට වුනා නුඹ හට සොහොයුරිය දමා
මන්දිර පෙමින් බැඳි මුත් කඳුලක්ම තමා
මින් පසු නිදන්නේ කා උනුසුමෙද මෙමා

රොන් උරනා කලෙක සමනලයෙකු මලෙක
මන් සිහිනයෙම ගැලුනෙමි ගෙවි සැම කලෙක
පින් මදි කමින් තනිවිමි සොහොයුරු පෙමක
ඉන් හඩනා සිතට සැනසුම දෙනු හනික

සිතුවිලි නතර වී සියොලග කදුළු කැට
ඔබ ලග නතර වී සෙනෙහස මවන කොට
නුඹ සතුටින්ය යැයි සිත මගෙ කියනකොට
සැනසුම සිතට  ඒ දුක සුනු විසුනු කොට

සව්සිරි ඉතිර නුඹ සදනා කැදැල්ලට
මතු දියුණුව එන්න දිවි මග හබන්නට
දිරියෙන් නැගෙනු පැතු සුර ලොව දකින්නට
නුදුරෙම එන්න මා මව් පිය බලන්නට

රන් රස ඉතිරි දිවියෙහි නුදුරුම කලෙක
සඳ කුමරා සමග දෑගිලි බැඳ පෙමක
ලැමැදට තුරුළු කර කිරි කැටියෙක් දිනෙක
මන් මග බලමි එනතුරු නුඹ හනි හනික








Friday, May 22, 2015

ධීවර සංස්ථා මාළු කපන්නා


කිරුලකි මැවූ රන් පැහැයෙන් රුව නැතුව..
තරු පිරි හදකි පිලි ගඳ අවටින් මතුව..
දරුවන් රජුන් කෙරුමට පැතුමකි පැතුව..
විරුවෙක් තවත් දුටුවා විරු ගුණ නතුව..

හිරු දිය ගැඹර තුරු සිඹ යන අතරේම..
අමදින කලදි ඕ ගෙමිදුල සැමදාම..
පිරි හද පැතුම හා හිස සිඹ ඕ හාම..
පය තබනා ලෙසෙකි දිවි දිවුමට මේම..

බත් රස  මවා දරු සිත නිති සතුට උනි...
රත් පැහැ ලෙයෙහි මන්නය දිවි සවිය විනි..
රත් පැහැ මසුන් ලෙය බිඳු වට විසිරිවිනි..
සිත් සගැවුනිද නුඹ දරු මල් සිනාවෙනි...

දිවි බර ගෙවන්නට රතු ලෙය අතෙහි වදී..
සිත යම් දෙයකි වෙහෙසෙන හද තැවුල් දිදී..
විසිරුණු ලෙයෙහි ගත වුව මැසි මදුරු පොදී..
ලස්සන හදකි සිතිවිලි දිරි පැතුම් බැඳී...

ධීවර කඩෙන් මිලදී ගෙනයන මාළු..
ඕ නිසි ලෙසින් කපලා පොතු හැර දේලු..
නෝනා එන්න පොතු  කටු නම් නැති වේලු..
මේ ලෙස මොහුත් රුපියල් එක් කෙරුවාලු...

මුවහත් තලය දිලිසෙන සම මත හෙලුනා...
දරු ගැන සිතා දිරි ලෙය සිරුරෙම ඇදුනා..
තව එක් කලෙන් කාසිය බිම මත වැටුනා..
නෝනා මාළු ගෙන කාරය වෙත නැගුනා...








Wednesday, April 15, 2015

අමාවක - සඳ නැති සද..~

1.
සිනිදු සුසුමුදු තෙදින රැස් බල මතින ගං දිය අමා දිය              කල
බිලිදු මල් පොඩි යොවුන් බර කර යොවුන් සුසුවද ඔවුන් මත  සල
ගනදුරෙහි ගෙවි හදට බිය වැදි අමා සිසිලෙහි සුවය මෙහි       සල
තරිඳු නුඹ අද කොහිද තරු මල් අඹර පාලුය හිස් අහස           තුල

2.
රුදුරු තුරු මත අනෙක පැහැයෙන් සියක් ගෙත්තම් නුඹම  මැව්වා
සිදුරු අතරින් එකී රැස් දේදුනු මතින් පොළොවටම              එව්වා
මැදුරු පැල්පත් දෙකම උඩ එක විලස රන්සුණු එලෙස      කැව්වා
අදුරු දින නුඹ නොමැති සද පෙර විලස ඒ සැම සැමට         රැව්වා

3.
පාරු ගමනට බුමිතෙල් ටික නුඹ නිසාවෙන් ඉතිරි              වූවා
සීරු මාරුව සොරුගේ නැවතී වටින සැම ගෙයි ඉතිරි         වූවා
මේරු දරු කැල මිදුලෙ නුඹ සිසිලසෙන් වන්නම් ගිගිරි      පෑවා
මාරු වී එය අනිත් පසෙකට එවන් සිසිලස් අද             නොවූවා

4.
කිවිවරුන් නුඹ අසිරි පද කල නිසොල්මන් වී තම නිවෙස්    තුල
සිත්තරුන් නුඹ අසිරි රුව දුටු නින්දෙ සුව විඳ තම යහන      වල
සන්තොසින් අප සැවොම ඇලලු නිසාකර රාජියෙනි සුව    හල
සිත්තුටින් මෙහි වඩිනු විත් යලි ලොවම පුබුදනු සිනා මල්   සල

5.
අහස් කුස හා පැටියා අද නැත පොළොවෙ මිතුරන් හමුව   ආවේ
සහස් සුර දෙව් කතුන් නැත අද අඹරෙ රංගන මදුර            පෑවේ
මිනිස් තිරිසන් නිදින මත්වී සිහිනයෙන් ඒ අසීර               පැතුවේ
අහස් රාජිනි සිසිරාකර මෙහි වඩිනු සැම හද ජනිත              වුවේ






වීදියේ දරුවා

වීදියේ දරුවා


1.
පොඩි මුදු නොමැති දෙපතුල් රළු පොළොවෙ..තියා
දැඩි අව් පියසෙ මැවු නොදකින සිසිල.........සොයා
වැඩි සැප නොලද අත් යුග ගුවනටම..............අයා
හැඩි නෙත යොමමි මම අසරණ බවම...........කියා


2.
ගනදුර පැතිරි ලොව තුල බිය හදින්..............දුවා
හෙන හද මැදින් නොදුටුව මව් තුරුල..........මවා
යන යන තැනෙහි පෑගී දන ගැහැලි.............කවා
පන නල රකිමි නොවටින දිවි පහස............නිවා


3.
නොලදිමි හැදුම්පිලි වයිවාරණ..................පාට
නොලැබිණි රස මසව් ලස්සන නෙක.........පාට
දෙන දේ කමින් වැරහැලි හැඳ මඩ ...........පාට
අම්මා නොමැත මට,පවසන්නේ..............කාට


4.
දහදිය ගලන අත් පා මහතුන්...................රවන
දිගුකර සැනහි රුපියල දෙකකට...........ලැබෙන
මිනිසත් බවෙහි මිනිසෙකු නොවෙමින්.....සරණ
වහදිය වුවත් සැපයෙකි දිවියට.............ගෙවෙන 


5.
අත් අල්ලන් යනෙන දරුවන් මව්..............හාම
සිත් සන්තොසින් ඉපිලෙති සෙනෙහස්...බෝම
ඉරණම් ගෙනා තනි ලොව අදුරත්............හාම
ලත් මා නොදුටු රුවකිය ලස්සන.............පේම


6.
පීදෙන සිතුමෙ මියැදෙන රහසකි.........වෙලෙන
කීවත් කාට නැත දුප්පත් පල.............ගෙනෙන
මේවත් පව්ය කල පෙර බවයෙදි...............දිරන
හීනෙන් දකිමි මහතෙකු දිදුලන..............ඉගෙන


7.
ලැබූ නව වසර සව් සිරියෙන් සරු............වන්න
ආදර සිසිල මැද සන්තොස දින...............වන්න
මහතුනි පිනට මට මොනවා හරි.............දෙන්න
සුබ සිරි ඔබට මගෙ ආසිරි මල්.............මෙන්න




















Monday, April 13, 2015

නවසරට ආසිරි..!!



    සිත් මල් අලුත් හිරුගෙන් විකසිත......වන්න
    සතුටින් පරණ වියවුල් ඉවතට...........ලන්න
    දිරියෙන් පතමු අප දිවි යහපත්...........වන්න
    සුබ නව පැතුම් මත නව දින පිළි.......ගන්න


    මව් පිය සැමම  නිදුකින් නිති තුටු......වේවා
    කරදර රෝග බිය මේ සැම නැති.......වේවා
    කඩයිම් සියලු  පැනයන්නට හැකි.....වේවා
    යහළුවො හැමෝටම නවසර සුබ.....වේවා


    පතනා පැතුම් ඉටු වී සිත් සතොස........පිරී
    කරනා යහපතට තව වැඩිවෙමින.........දිරී
    දිනනා මගම දිස් වී සුබ මතින්.............සිරී
    ලබනා වසරෙ උතුරනු ඔබ සැමට.......කිරී


       ලබන්නා වූ මේ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම
        සියලු පැතුම් ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!!




Sunday, April 12, 2015

නොපැවසූ පෙම

+++++නොපැවසූ පෙම+++++++
+++++++++++++++++++++

(Based on a true experience of one of bestie 😊😋)

1.
නිල් වන් වතින් සැරසී මුදු පැතුම් මතින්..
මල්වන් නුඹේ මුව මැව්වෙමි සොදුරු සිතින්..
දල්වා පහන් සිල දිවියෙහි  පෙමින නිතින්..
සල් මල් අතුරුවෙමි මග පියමනින නෙතින්..

2.
සිත තුල නැගෙන සිතිවිලි එක්කර සිනිදු..
නිතරම ඉතිරි පෙම පවසන්නට බිලිඳු..
සිත දිරි රැගෙන සවසක එනතුරු දිනිදු..
සිටියා මගම බලමින් නුඹ මුව  යලිදු..

3.
දඟකම් දනිමි කල සිට මිතුරෙකු ලෙසිනා..
සරදම් කලෙමි ඉතිරූ හිරිමල් පෙමිනා..
මොනයම් ලෙසත් නුඹ එන කාලය ගෙවුනා..
ඉවසන් මමත් එනතුරු සිහිනයෙ වෙලුනා..

4.
සියුමැලි පයින් නුඹ  එන සෙවනැලි වැටිණි..
වෙහෙසින් බරවු මා මුව හසරැල් වැටිනි..
ලොව සැම මදෙස නෙත් යොමලා ලෙස දැනිණි..
විමසන වදන් කිම ,තොල් හිමිහිට ගැහිණි..

5.
ලංවී නුඹද මග හෙමිහිට මා සිටිනා..
නොදැකපු විලස කලබල විලසින් ඇදුනා..
අමතන වදන් නොඇසූ ලෙසකින් ඇදෙනා..
නුඹ දැක සැණින් හද විල සසලව සිදුනා..

6.
මිතුරිය මදක් නැවතී මෙය අහගන්න..
මා මෙය ගෙනාවේ නුඹටයි අරගන්න..
මිතුරෙකු ලෙසින් සඟවිමි හද නැගි පින්න..
හෙට එන උපන් දිනයට ආසිරි මෙන්න..

7.
කලබල වෙසින් නුඹ පය හනිකට නැගුනා..
මා සෝ බරව දුවමින්  පසුපස ඇදුනා..
මෙය ගනු නුඹට ගෙන ආවේ හඩ නැගුනා.. 
අරුමෙකි  කොපුල් නොදනිම කඳුලින් තෙමුනා..

8.
මට මෙය එපා සොහොයුර නොගනිමි මේවා..
දැක්කොත් යමෙක් මොනවා සිතතැයි කීවා..
හද විල තැනූ මන්දිර බොදවී ආවා..
නුඹ රුව සෙමින් මා එහි අතහැර දීවා..


9.
දිවගොස් අසන්නට සිතුනත් කිමද කියා..
මගෙබස් නුඹට අමිහිරි දැයි නොදැනි නියා..
ගොලුබස්  රැගෙන තනිවී මව් පෙමම සොයා..
සොම්නස් වීමි කඳුළැලි හද මඩලෙ තියා..
 
10.
සිතුනා උදය ලාහිරු නුඹ වෙතැයි කියා.. 
සිතුවා නුඹත් මගෙ පන නල බිඳකි කියා..
වැටෙනා කඳුළු සිරකර හද මඩලෙ තියා..
නිතිනා පතමි නුඹ දිවි සරුවන්න කියා..

11.
අමතක කරනු බැහැ සිතිවිලි මල් පිපුන..
අමතක කරන්නට වෙහෙසෙමි නුඹ නමින..
අමතක කලත් යම්කල සිතිවිලි බැදුන..
අමතක නොවේ හිරිමල් පෙම හද නැගුන..








Saturday, April 11, 2015

අවුරුද්දයි විබාගයයි


ඇවිදින් තවත් වසරක සව් සිරි මාසේ..
සතුටින් සිනහ බර වී කිංකිනි  වීසේ..
සිතකින් දකින සිරි සගවාගෙන රහසේ..
කොහොමින් විදින්නද අවුරුදු සිරි දේසේ..


පරිසර නැවුම් බව නොපෙනිණි පෙර වාගේ..
සුවබර පැතුම් නොදැනිණි මිහිරිවු රාගේ..
මගහැර සියල් මුදු මා හිර ගෙයි වාගේ..
නව ඉර නොදැක ඉන්නද පවකට මාගේ..


සැමදෙන එක්ව නිවසෙහි මුදු සිනහ සලා..
ඇදගෙන අලුත් පිලි අවුරුදු එලිය කළා..
පොත අත තියන් කවුළුව දෙස ඉදිමි බලා.. 
එරබදු නැගෙන තුරු වැල් මට විහිලු කළා..


මතකය ගලයි අවුරුදු මින් පෙර වසරේ..
සිටියෙමි ගැලී සතොසින් සැම හා මිහිරේ..
සිප් කඩයිම් අතර තැලි පොඩි වී අවරේ..
අවුරුදු සිහිනයකි ගෙවෙනා කල අතරේ..


විකසිත පැතුම් දී නවසර එලිය බලා..
මා පෙර කලෙදි සිත් සේ සිරි පැතුම් කළා..
අවුරුදු සිරිය කවියන් රස මිහිර කළා..
එනමුදු බැරිය කව නංවනු අසිරි බලා..


එකමුතුකම වැඩෙන සිංහල  අවුරුද්ද..
සැම සිත කවර සතුටක් නම් ගෙන දෙද්ද..
විදිනට නොලත් සුබ පැතුමන් සගැවෙද්ද..
මා පොත සමග ගැහි ගැහි අවුරුදු කම්ද..


පියමැන දිවියෙ අරුණලු වෙත දහිරි දෙපා..
හිස වෙත නොනිමි බර පැටවිණි විලස අපා..
අවුරුදු විබාගයකින් සැඟවලා සපා..
සරසවි අනේ මෙතරම් සිත රිදනු එපා..





Friday, April 3, 2015

සරසවි ගී සිසිල



        ගී රසවිතට වන වැට මන් බිඳ හැරිණි..
        සරසවි මවුන් දේවිය කිරුළන් වැටිණි..
        සැන්දෑ යමක නිවහල් සඳ රැස පෙරිණි..
        සරසවි ගී සිසිල නෙතු ඉදිරියෙ හැරිණි..

        දහදිය මතින් නව පන ලද සිසු රොදකි..
        ගී රස විලෙහි කිමිදෙනු සිත් රිසි සෙයිකි..
        පය ඉක්මනින් සඳ රැස වෙත යෙන බවෙකි..
        සරසවි දේවි පිළිගන්නට රස විලකි..

       හද සංයමින් උතුරා යන කවි පෙමිනා..
       බැඳ සිරි යහන් සුන්දර සුර ලොව යෙහෙනා..
       ගී රස විතෙහි නැළවෙන තැන අප සිටිනා..
       සරසවි සෙමින් බිම වෙත වැඩි යුරු පෙනිනා..

       බැස ගං දියේ සිසිලස් ගී සිසිල  මවා..
       පිස සෝ තැවුල වැඩ කිඩ රුපු වෙහෙස දවා..
       අසමින් මියුරු නද වීනා මතින රුවා..
       මසිතත් මිදිණි ලොවෙතින්  මුදු සිසිල පොවා..

      මීවිත රසය සවනත බිඳු බිඳු වැටිණි..
      වීනා මතින් සුර දෙව්ලියො බිම ඇදිණි..
      සීහල ලෙයින් බැඳි රන් මිණි මුතු දිලිණි..
      ගී රස සියුම්  මා හද නිවහල් කෙරිණි..

      දකිනා සිහින සඟවා මතු දිදුලන්න..
      ගයනා කවිය ගී හද මී පැණි වැන්න..
      විදිනා කලක රුදු සැඩ අමිහිරි පින්න..
      පෙමිනා විදිමු ගී රස සරසවි දුන්න ..
















Thursday, April 2, 2015

නොසිදෙන විල..

පහනක් වෙලා අදුරට දිවි දකින්නට..
සවියක් ලැබිණි පෙර මග නෙතු දකින්නට..
කදුලක් රැදුණු නොපෙනෙන නෙත් හොවන්නට..
කවියක් කියමි වැරයෙන දිවි දුවන්නට..

බියගුළු ඉසිරි ගුවනත වැසි අදුර බදා..
කියවන කවිය සිප් දිය හිස් හිසට පුදා..
මියයන නිතින මුත් නොපෙනුම සිතෙහි රඳා..
දුවයනවා මමත් හිමි මෙය බැවිනි සදා..

ලාහිරු සෙමින් එබෙනා විට මොරටුවට..
පීදෙන සිතුම් ගෙන දිරි අරගෙන පයට..
මා දිවගියත් මව් පිය සෙනෙහස් බලට..
මේ සිත නොයයි ඉවතින් කවි පන්හිඳට..

තිබුනත් මැරෙන්නට ගිනි අවි රුදු පැයෙහි..
සවියක් නැතත් සිසිලස විදුමට කවෙහි..
දිවියත් එකතු කල මා රස බිම ලොවෙහි..
විල්තෙර දකින්නට එමි සැමදා රැයෙහි..



Sunday, March 15, 2015

ලෝකය බිහිකළ මවුනි මගේ



සඳ දිය සිසිල ගෙන දරුනගෙ මුහුණු..........දොවා
සෙනෙහස් විලෙහි සුපියුම් සුසුවඳම.............කවා
මා රජ කරන්නට දහදිය මුගුරු.....................දවා
අම්මා ගැන ගොතමි කව දිවි සුසුම...........හොවා


දස මස කුසෙහි හොවමින් දුක් ගිනි..........මතෙහි
මුලු දිවි කර තබා ගත වියවුල්..................විලෙහි
බර දුනු අවිද පටලා සියුමැලි....................අතෙහි
කඳුලින් දිනුම සෙව්වා බලයෙනි...........ලෙයෙහි


සයුරක් තරම් විදිමින් තද දුක්....................ගින්න
පවුරක් වෙමින් දිවි බර උහුලා..................ගන්න
සවියත් ඔවා දී මට හරි මග.......................යන්න
කඳුලක් නොවිණි ආ මග මවගෙන්............දුන්න


මා දිවි සදන්නට නින්දා..........................දැරුවාය 
මා කුස පිරෙන්නට බඩගිනි....................දැරුවාය
මා ලොව මවන්නට රෑ නිදි.....................වැරුවාය
මා රජ කරන්නට පෙරුමන්....................පිරුවාය


ගොරවන විදුලි කොටවන රුදු රැය.............වලදී
ලැම වෙත තදකරන් මා සැනසුම................දිරිදී
පිරිමැද සෙමින හිස වැටි කදුලැලි...............පිසදී
වහලක් වුනා නුඹ කැඩි වහලට..................පිටදී


කලුවර රැඳුනු දිවිතර දිරියෙන්...................දිව්වා
කලුවර නොවන දිවි මා වෙනුවෙන්........සෙව්වා
ලද දිවි ලෙයද මස් දරු වෙනුවෙන්.........ගෙව්වා
දරනා කිරුළු පුතු මතු සිහිනෙන්.............මැව්වා


දුන් දිවි කොහොම මම රන් මිල...........කරන්නට
පෙන්වූ දිවිය යමි නුඹ රජ....................කරන්නට
ඉඩ නැත තවත් මා වෙනුවෙන්.............හඩන්නට
අම්මේ මගෙත් පින් බුදු බව.................ලබන්නට



                                                                                                                                                                          
  





Friday, March 13, 2015

ප්‍රියාගේ වැනුම් (5)

http://chamanijks.blogspot.com/2015/01/blog-post_61.html
http://chamanijks.blogspot.com/2015/01/blog-post_23.html


සිහිනෙන් දකිමි කඩවුණු පැතුමන්..........දරුණු
හෙට ගැන සිතමි බොදවුණු සිතකින්....කැඩුණු
තනිකම ඔදවඩා දින පැය වල................රැදුණු
අමතක කරනු බැහැ නුඹ මතකය........ගෙවුණු                                                                
 

                                                                      
දින  පැය කෙමෙන් මට හොර රහසෙම..ගෙවිනි
කදමලු පිටින් සුර මන්දිර හද...................ඇදිනි
අතැගිලි නික්මි ඔය සුරතින් මට..........නොදැනි
නුඹ ඇය සමග අත් අල්ලාගෙන.............ඇදිනි




Saturday, March 7, 2015

බොඩිමේ ගී..




වක් කර දිවිය පෙරනට ඉදිරිය.....................සුවට
දුක් ගිනි පුරුදු වී නිති ගෙවෙනා..................කලට
දික් කර දෑත හිනැහෙන දුර සැප...............වෙතට
මක් කරනමිද අප පූරුවෙ කල....................පවට


කන්නට කොහිද කුස වෙත එය........දැනෙන්නට
බොන්නට කොහිද විස ඇති දිය.....නොවෙන්නට
යන්නට මගක් නැත වෙන දිවි..............හබන්නට
අම්මට කෙලෙස මේ දුක මම..............කියන්නට


උදයේ සිටම රෑ තෙක් දිවි සවි.................සොයමි
පහසේ මුදු නොවූ සිප් දිය ඔරු....................පදිමි
නිවසේ සුවඳ සිහි කර සුසුමන්....................අදිමි
රහසේ මා පියන් ඉල්ලාගෙන....................හඩමි


තනිකම රැදුණු බෝඩිම තුල දෑස................අයා
ගව් දුර මා පියන් ආදර කැළුම................සොයා
යන්නට නොහැකිමුත් දුක් නෙතු යුගල......පියා
නින්දේ සරමි උණුසුම් මව් තුරුල..........සොයා


වසරින් වසර ගත කර සරසවි.................පහසේ
දුක් ගිනි මැදින් දිරි සිත හඹමින්.............නිසිසේ
ඉටු කර සොදුරු සිහිනය නුඹ පැතු.........රහසේ
එන්නම් අම්මෙ නුඹ දිදුලනු වස්.............අහසේ






Tuesday, March 3, 2015

ප්‍රියාගේ වැනුම්(4)

නෙතඟ දිලිසුනු කඳුළු බිඳු අප දෙදෙනගෙම අද.......සැඟවිලා
ලහිරු සම මුදු සිනාවෙන් සැම දිනයකම අප............පිබිදිලා
හදෙහි ලියවෙන සුපෙම් ගී නද සියුම් සුලඟෙහි.........රඳවලා
සොදුරු සිත්තම් මවමු දිවියෙහි යනෙනතුරු අපි....එක්වෙලා




Saturday, February 28, 2015

අසම්මත සොඳුරියට..

( නුදුරේ සරසවි යන ..)

උන්නත් එකට පෙම් වියනක සෙනෙහෙ........සලා
ගෙව්වත් සමය මල් කවියෙක රසිනි.............වෙලා
බැම්මන් යයිද කැඩි හද අප දෝරෙ................ගලා
දැන් මහ බියක් මගෙ හදවත උරුම..............වෙලා


හිමිදිරි උදයෙ සිට සඳ නැගෙනා..................තුරුම
හදවත දකිමි බඳිමින් නිවහල්.....................පෙමම
නුඹ වුව සිටී සතුටින වෙළෙමින...................පරම
වෙයිදෝ පතන ලොව යම් දිනකදි..............උරුම


විකසිත ලොවම මවමින් දී සොදුරු..............සිනා
සිහිනය පැතුම් කර ඉදිරීයෙ මවනු.............මෙනා
උදයේ පිපුණු පියුමක් ලෙස සුවඳ................උනා
සගවනු එපා සොඳුරිය පෙම් මෙලෙස..........මනා


නුදුරෙම දකී නුඹ සඳ නැගි.................හන්තානේ
සැම දේ වෙනස් වනු ඇත අප බැඳි.............හීනේ
අමතක වෙයිද මා යලි හමුවෙනු...............බෑනේ
ලොව නුඹ දිලේ සරසවි පිවිසුම්.................හීනේ


වරමක් නොමැත මට සරසවි...............ලබන්නට
එය ඔබ හට හිමියි දිවි තෙර.................හඹන්නට
යොමවා සිතම මුළු එය හද..................දකින්නට
හැකි නම් සිතනු මා අමතක................කරන්නට


සුපියුම් සුවඳ මල් පෙනෙනව..............බඹරුන්ට
නුඹ දිවි එපා විස බඹරුන් හට.................දෙන්ට
සරසවි මගෙහි වුව හැකිනම් බහ.............දෙන්ට
සිහිනය දකිමු එකටම යන මග.................යන්ට





Wednesday, February 25, 2015

ඇල්මෙන් පුදමු බුදු හිමි දම් සිසිලැල්ලේ....





මල් සුවදෙහි ගිලී බෝ මැඩ............සෙවනැල්ලේ
සිල් සුවදෙහි බෙලෙන් ගත සිත........සැනසිල්ලේ
දැල්වෙන පහන් එළි මත සිරිපද...............රැල්ලේ
ඇල්මෙන් පුදමු බුදු හිමි දම්..............සිසිලැල්ලේ






තුරු මල් දරා සැරසි මුදු සුවඳ....................ලමින්
මද නල හමයි මුසු කර දම් සිසිල.............සෙමින්
බුදු පුද සමග සුර මිහිරට එකතු................වෙමින්
බොදු ගී ගයමු මෙත් විහිදා ලොවෙම.......පෙමින්





වැට කොටු පවුරු බැඳෙනා කල දෙරණ......පිට
රුපු සෝ කටුක සිතුවිලි නිති ගලන........... විට
මෙත් සුව හොවා සැමගෙම සිත් පතුල...... යට
බුදු බණ පමණි දුන්නේ මුදු සිසිල...............මට





පන්සල් බිමෙහි බෝ රදුනගේ සෙවන........යට
තෙල් මල් පුදා සැනසී බුදු සමිදු..................හට
නිවනෙහි සුවය සිහිකර සිත් පතුල.............යට
මුමුනමු සියුම් දම් පද බව සුවය..................පිට



හදුනා ගනු බැරුව මග දන අඳුර................. මැද
කුරිරුව සිතුම් සෝ බය මත සිටින..............සද
පහලව ලොවෙහි ගෞතම අප මුනිදු...........සඳ
නිවනට මගම පෙන්වී මෙත් කුලුණු...........මැද




තුන් සිත පහදවා පව් සැම දුරැර.................. ලමින්
පින් ඇති උවැසි හා පින්සිත   පුබුදු............වෙමින්
තෙමගුල සිහිකරන්නට මෙන් මුමුන...........වමින්
බෝ පත් නටයි බුදු ගුණ කොදුරමින.........සෙමින්






කැටි වී මල් සුවද සිල් සුවදට...............යෙහෙනි
එක් වී සද එලිය බණ පද හා ....................රසිනි
පන්සල් බිමෙහි උවැසියො හදපත් .........බැතිනි
බුදු බණ සිසිල විහිදයි ලොවටම...............තුටිනි




Tuesday, February 24, 2015

පෑනේ (කවි) මිතුරිය හමුවිණි.



දුන් නිදහස් කලෙන් රන් මව් පියන් බලා....
යන්නට නිවෙස වෙත ඇදුනිමි කොටුව බලා...
දුන් අව් රැසින දහවල මුළු අහස පලා...
මන් පසු වුනෙමි හිස රිදුමෙන් සොවෙහි වෙලා..


හඩනා හඩින් මුදු නැති දුම්රිය ඇදිනි...
දරනා ලෙසක බර කටු එය මග සිදිනි...
දුවනා මිනිස් පොරකා එය වෙත නැගිණි...
නිතිනා ලෙසෙක සිටගත්තෙමි තුටු හදිනි...


බෑගය උඩට දා ලැප් එක ගෙන කරට..
වෙහෙසින් සුසුම් ලා පන්නර ගෙන සිතට..
වටපිට බලා හසුකර මිනිසුන් නෙතට...
දුටුවෙමි අයෙක් නෙතු යම් හදුනන ලෙසට...


තරමක් පිරුණු බෑගයකුත් කරට ගෙන...
ලැප් එක එක් පසින් අපහසුවෙන්ම ගෙන...
සිටියා ඇයත් වටපිට නෙතු වලට ගෙන...
සෙව්වා  කව්ද මේ , මා මතකයන්   ගෙන..


යෙහෙළියකදැයි මැය මාගේ මුහුණු පොතේ..
කවි සුරු යෙහෙලි යද මේ ළඟ සිටින නෙතේ..
කුකුසින් වුවද විමසිමි මා දිරෙනි සිතේ..
සිතුවා හරිය ඇය කවි යෙහෙළියයි පොතේ..


අව් ගිනි රැසෙහි බැට කෑ සරතැස නිවුනි..
දොඩමලු වෙමින් මිතුදම මත කල ගෙවුණි..
නොදැකපු මිතුරු බස් මත සංයම හදිනි..
තුටු කැලුමන් මතින් ආ දුම්රිය ඇදිනි..


සංයම සිතින් විමසා සැපදුක් සොඳට...
ආ ගිය දේස පවසා සතුටින් සිතට...
දුම්රිය ඇදෙන කල හිමිහිට ගමනතට...
සුන්දර මතක එක්විණි මිතුදම් පොතට...








Friday, February 20, 2015

සරා සඳක් වනු නුඹ මට..~



නෙතට ගැලුව කඳුලැලි නිති ඔය දෑතින්................පිසලන්නට
සිතට ගැලුව අම පෙම් දිය පෙනුනි කෙමෙන්......දිලිසෙන්නට
ඔබට මසිත ඇදුනිය සොහොයුරු මිතුදම..............බිඳලන්නට
පෙමට බැදුණි නොදැනිම පතනා සිහිනය............සිරිදෙන්නට



තුටින් බැඳුනු මිතුදම සරසවියෙහි සවි.....................පාදන්නට
පෙමින් බැදුණු වග සොදුරුයි මුළු දිවියට සවි...........දෙන්නට
සිතින් සිතක් යා කරමින දුර වුව නිති...................හමුවන්නට
ඉතින් බඳිමු පෙම් කවි නැගෙනා සරතැස...........බොදවන්නට


 
ඉරා අදුර සිසි වැඩි යුරු සුර ලොව සිරි................පිබිදෙන්නට
නුරා බැලුම් සමගින් මුදු පෙම් සිසිලස................විසිරෙන්නට
දරා නොසිට හද පත් පෙම සත් සමුදුරු..............ඉතිරෙන්නට
සරා සඳක් වනු නුඹ මට දිවි ඇති තුරු..............සැනසෙන්නට



විදා කිරණ  ආලය හද මුදු සොම්නස................මතුවෙන්නට
පුදා අමිල විස්වාසය දෙහදක් මතු යා........................වන්නට
සදාතනික බැදුමන් තද පෙම් සිසිලෙන්................ඔදවන්නට
සදා පුරමු පින් මතු බව අප අපටම......................හිමිවන්නට




අමතක නොවිය යුතු දේ..~..




1.
උදයේ කරපු දැය අමතක වී....................හවස
එම හිස් මොලය හා නැවතත්  එමි..........නිවස
ඕනා වුනත් නිවනට දැනුමෙහි................පවස
මතකය තමයි වැට බැඳ ඇති සැම...........දවස


2.
කට පාඩමින් කල  හැක කඩයිම.............පැනුම
එනමුත් ලැබිය නොහැකිය නිසි ලෙස.......දැනුම 
ලැබ ගමි එයින්වත් දිනුමෙහි නව...........පෙනුම
මතකය නුඹත් වනු මගෙ දිවියට...............දිනුම


3.
"බර්මුඩාවක්ද ඔය නුඹ ඔලු.................ගෙඩිය"
අක්කා හඩ තලයි නිති හප්පා.................අඩිය
කොටලා බීම දැනුමත්,ගෙන...........වංගෙඩිය
කෙරුමට සිතේ තරකර දැනුමෙහි.........මඩිය


4.
අමතක වුවත් පාඩම් කරනා................කරුණු
අමතක නොවේ කිසිදා  කළගුණ......කෙරුණු
අමතක වීම පොදු මුත් සැමටම.............මිතුනු
අමතක නොවිය යුතු දැය ඒකයි...........දරුණු



5.
ලැබුවත් මතක වීමෙන් දැනුමෙහි..........සවිය
දිනුවත් ලොවක් බලයෙන් මතකයෙ......අවිය
ගුණ සිත් ඇතිව මිනිසුන් විලසින්...........දිවිය
ගෙවුමත් කරමු බලයෙන් කළගුණ........අවිය












Sunday, February 15, 2015

රන් කඳ තාම පැල් රකිනවාද..?..~



1.
සදකැන් ඇතිරි ගෙමිදුල දොරකඩට...............වෙලා
ලද මුත් නොලද පෙම වෙත බියසුලුව.............බලා
රද මා පැලෙහි ඉන්නා රුව සිතෙහි...............වෙලා
පද සෝ බදිමි බැදි සිතිවිලි ඉවත.................නොලා


2.
මැසි මදුරුවන් දෙන බැට මත.................ඉවසිල්ලේ
සූකර ගෝන එනතුරු නිති.....................විමසිල්ලේ
නෙතු නිදි යදින මුත් දිරි මුසු..................සිතුවිල්ලේ
සී පද ගොතනවද හිමි ඔබ මුදු.....................රැල්ලේ


3.
විසකුරු සර්පයින් පැල වෙත එන්න................එපා
සුකර ගෝන නෙතු එහි අසුවන්න..................එපා
මිනිසත් තිරිසනුන් සොර බිය දෙන්න.............එපා
සැම දෙවි බැල්ම මිස කරදර වෙන්න.............එපා


4.
පතනා දිවිය මතු එන සිහිනය...................මතෙහි
ඔද වැඩි බියට දිරි ගෙන ගෙවෙනා...........පැයෙහි
රුව හිමි මවාගෙන ලස්සන මා.................සිතෙහි
තනිවම පැදුරෙ නිදියමි සැමදා..................රැයෙහි



5.
පැල මත මගේ රුව ඔබටත් පෙනෙන............වද
ලස්සන සිතුම් මන්දිර හෙම ඇදෙන...............වද
මා ගැන වුවත්  රස සී පද කියන.....................වද
පතනා ලොවට යන අඩිමන්  දකින................වද


6.
සද රැස් අපට හෙට දින වත් සුව..................දේවි
සිහිනය පතන හොරැහින් වත් බිඟි...............දේවි
තනිකම නැතුව දෙදෙනම ආලෙන්.............පේවී
දිනකදි අපට අඩ සදවත්..........................පායාවී














Thursday, February 12, 2015

දිරිමත් දුවක වෙත ඇදුනා මගේ ඇස..~



1.
දහදිය වෙහෙස රැදි මුව තුටු කැළුම.............පිස
සංකා විලෙහි පරවුණු සුපියුමක්...............ලෙස
සෙමිහිට ඇදෙන නිවසට වැඩ පොලෙන්...බැස
දිරිමත්  දුවක වෙත ඇදුනා මගේ...............ඇස

2.
යව්වන සමය තම ගෙත්තම වෙතට...........යවා
සංකර නොවන දිවියෙහි කාසියට..............දුවා
ලස්සන රටා ගෙත්තම් රෙදි මතෙහි..........මවා
පව් ගෙවනවද නුඹ අසා පසෙක.............හොවා

3.
වත පිදු සේද නැත දිගු සායකි..................ඉරුණ
සායම ගොස්ය උඩු වත නිතරම................ඇදුන
කෙහෙ රැළි ගොතා නිසි ලෙස පිළිවෙල...පෙනුන
මුව නුඹ සිනහ නිති සොව යටපත්..........කෙරුන

4.
දැගිලි නිදි වරා නිති තුන් තිස්................පැයෙහි
තියුනුව දෑස යොමමින් ඉදිකටු...............තුඩෙහි
මැසිමට පෙමින බැඳ නැගි අඩනා...........හඩෙහි
මන්දිර තනනනවද නුඹ සිහිනය.............මතෙහි

5.
එක ලෙස දිනක සැප නැති පුටුවෙහිම.........හිඳ
නෙත මැහුමෙහිද සිත දිවි මන්දිරද............බැඳ
කදුලැලි ඇදෙන ලස්සන නිමවුමෙහි...........සිඳ
මල් විය අනුන් සරසනු වෙත ගෙවන..........වද

6.
දරදඩු පවස යනවිට ගත සවිය..............සොරා
කෙනෙහිලි අනෙක වැදුනද සෝ හදම......මරා
දිරි මත සිනාසෙන යව්වන මුකුළු..............දරා
නුඹ සුර දුවකි දිනනා  ලේ කඳුළු............පෙරා














Saturday, February 7, 2015

දෙව්වරු රැදෙන පින් බිම මේකයි දෙරණ...

දෙව්වරු රැදෙන පින් බිම මේකයි දෙරණ..

1.
පියවර දිවියෙ නැවතී රන් මං.................සලෙහි
දියවර වැරෙන් අදිනා කල දිරි................මතෙහි
ලද නිදහසින් යන්තම්, දුවනා.................මගෙහි
පැදි පෙළ සෙමින් බැඳුනා මව් හට..........හදෙහි

2.
මොරටුවෙ සරසවිය ලෙස මුළු ලොව...දිලෙන
නුවණැති දරුන් සිප් මත දිවි රූ..............අදින
දින දින දිලෙන තරු මුළු ලොවටම........පුදන
දෙව්වරු රැදෙන පින් බිම මේකයි.........දෙරණ

3.
නිති දුක් ගැහැට තම යන දිවි මගෙහි.......හුරූ
විදමින තුටින් සිව් වසරක් ගෙවෙන.........තුරූ
දෑ කුල තරම නොදනින එකමුතුව..........දැරූ
සරසවි බිමයි මෙය  සුර ලොව අසිරි........පිරූ

4.
ඉපදුනු නමුත් රජ මැදුරක හෝ...........පැලෙක
එකමුතු අපට රස ඇති එක බත්...........කටෙක
දින දින ඔද වඩා දිවි සුන්දර..................මතක
සරසවි දිවිය පදිනෙමු සුර ලොව..........මගෙක


5.
දැනුමෙන් අවිය ලෙලවා ලොවෙහිම......නිතර
සවියෙන් බදින බැමි විස්මිත කර.............පවර
කෙළියෙන් වුවද දැනුමෙන් දිනනා........නිතර
දෙවියන් සිටින තැන මෙය මිස වෙන......කවර











Tuesday, February 3, 2015

මුළු ලොව ලැබුනත් වෙනස් නොවේ.මගෙ එක වස්තුව නුඹයි දුවේ..~.

(2015-02-03 දින අලුත්ගම සිට ගම්පහ බලා දුම්රියෙන් පැමිණිමින් සිටියදී , යාචකයෙකුගේ සංවේදනාත්මක ගායනයක් මුල් විනි..)

1.
සුසිනිදු දෙපා දිගුකර මුදු පුළුන්................ලෙස
රිසි ලෙස දිගහැරී නිවහල් ලොවක............බැස
සිසි වන වුවන පුබුදා රත් කැළුම................ඉස
මසිතෙහි අදර දේ දූ මගෙ  සුරඟ..............වෙස


2.
කිංකිනි සලා නා දළු නල ගැටෙන.............ලෙස
මන්දිර තනා වට ආදර පහස.......................ඉස
සංයම සිතින් සැම නෙතු අදරින..................රස
මන් තුටු වෙන්නෙ  පහසිනි සක් රජෙකු.....වෙස


3.
දහදිය මතින් වැඩ කර දුක් රැදි..................සිතට
පහසකි අරුම  දූ ආ කල මගෙ..................අතට
අමතක වෙලා ගත අපහසුකම්..................හදට
මා සෙනෙහස් විලෙහි දූ සමගිනි...............සුවට


4.
මල් වැනි සිනහ සලමින හැර පුංචි.................මුව
මල් වැනි රන් දත්හි රන් විසිරුවා..................රුව
නිල් මැණිකක්ව විසුරන සිරි අසිරි.................සුව
කුල්මත් වන්නෙ සිරියාවෙන්  නුඹෙනි.......ලොව


5.
අත් යුග බිලිඳු මා උරහිස......................තබාගෙන
නෙත් මා නෙතෙහි දවටා පෙම..............වඩාගෙන
සිත් අබිමුවෙහි මා සෙනෙහස..............හොවාගෙන
විස්මිත ලොවෙක යමි දූ ළමැ.................තියාගෙන


6.
හිම කුමරියන් සමගින මුදු........................වලාවක
නුබ උනුසුමට ළමැ දී සිලි......................ලතාවක
නිති සෝ රැදුන මුව රඳවා.......................සිනාවක
දූ හා රැදෙමි මා සුර රජ..........................කතාවක


7.
දිනකදි නුඹත් වැඩි සිරි අගනක්....................වේවී
කුමරෙකු අතින ගෙන මා අතහැර.................යාවී
ලේ කිරි නොවුත් නෙතු මා තෙත මත..........පේවී
සුදු දූ නුඹට  යන්නට දෙනු  බැරි..................වේවී


8.
රන්මිණි විලස නුඹ සතු දිරි රැක...............ගන්න
දහමෙහි වෙලී මෙත් පාවඩ මත..............යන්න
මව් පිය අපව රජ පුටු මත හිදු..................වන්න
මගෙ දුව ලොවට සිරි දෙන අගනක් ........වන්න












Sunday, February 1, 2015

පෙමට සුබාසිරි මල්..~.~




 ( මිතුරියෙකුට ලීවෙමි )

පුන්සිසි නැගෙන කල හිමිහිට සොදුරු.........රැයේ
නන්දන උයන් පිරෙනා මුදු  සැදෑ..............පැයේ
සුන්දර හැගුම් ගෙන කවි මිතුරියට .............මයේ
වසරක පෙමට,ආසිරි මල් පුදමි..................ලයේ


මල් රොණු වැදී තව මල් හන්තානේ..........පුරා
සමනල් පිරේවා පියකරු සිතුම්..................දරා
සියොතුන් අහස් ගැබ පෙම් යුවලින්ම........සරා
ආදර පලස් අතුරනු කිචි බිචිය.................පෙරා


සැන්දෑ අහස පෙම් සායම හොඳට............උලා
මල් විසිරුමින් කොඳ සුවදින පැහැය........සලා
මද නල සෙමින ආලය දෙන පරිදි............ගලා
ආසිරි සිහින විසුරයි , සුබ පැතුම..............උලා


ගං තෙර පුරුදු ලෙස සුරැ සිරි හැඩ..........ගන්න
දෙපසෙහි ඉලුක් බෝවිටි වන්නම්.........දෙන්න
ගං දිය සෙමින් මද පවනෙම බැස...........යන්න
ආදර සිහින බැදි දෙදෙනගෙ සිරි...........දෙන්න


වසරක් ගෙවුණු කල වියු පෙම්............කතාවට
විකසිත සිහින මුසු කර මුදු.................සිනාවට
ලස්සන හෙටක් පෙම් සිහිනයෙ...........දැකීමට
දිරියෙන් පියනගනු දෙදෙනා එකට.............සිට


පිබිදෙන සීන සමගින මුදු හැගුම...............පිට
කවි මුතු අමුණමින් රස පෙම් ගගුල..........කට
රන් පාවඩ මතෙහි  දිරි පා සමග ..............සිට
සසරෙහි බැදෙනු මේ මගෙ සුබ  පියුම්......මිට




මම එමි නුදුර..~..



මල් රොණු වැඩි තව මල් හන්තානේ.....පුරා
සමනල් පිරේවා පියකරු සිතුම්..............දරා
සියොතුන් අහස් ගැබ පෙම් යුවලින්ම....සරා
ආදර පලස් අතුරනු කිචි බිචිය..............පෙරා


සැන්දෑ අහස පෙම් සායම හොඳට........උලා
මල් විසිරුමින් කොඳ සුවදින පැහැය.....සලා
මද නල සෙමින ආලය දෙන පරිදි.........ගලා
මම එමි නුදුර සැරසෙනු පිළිගැනුම.......බලා


ගං තෙර පුරුදු ලෙස සුරැ සිරි හැඩ.......ගන්න
දෙපසෙහි ඉලුක් බෝවිටි වන්නම්......දෙන්න
ගං දිය සෙමින් මද පවනෙම බැස.......යන්න
අප ලං වෙන විටදි උණ ගස් නද........දෙන්න


කෙහෙරැලි ලෙහෙන ලෙස ගොතමින දෙපස..සලා
මල් ගවොමකින් සැරසී මකරන්ද.................උලා
සුළගේ සෙමින් නටමින පෙම් සිතුම්...........වෙලා
මම එමි නුදුර සැරසෙනු පිළිගැනුම...............බලා







Wednesday, January 28, 2015

සිනහව..~ ..

සිනහව

1.
මව් කුස තුලත් පෙන්වා කිරි ළපටි..................කට
සිව් පස සිසිල ලෙලවා සිනහෙමින.................සිට
මහලුව ගියත් සිනැහේ දත් නොමැති..............කට
දිවි මග සිනා රැළි පෙන්වමි සිනැහි.................සිට


2.
පවුලක ඉදිරි ගමනෙහි මාවත්....................ලෙලවා
මව් තුරුලෙහිම සැගවී සිනහව....................ගල්වා
කිංකිනි හඩින සැම සුර ලොව වෙත.........ගෙන්වා
සිනහස් ගගුල බිලිදුන් අසිරිය.....................මැව්වා


3.
කිරි දත් වැඩෙන කල පෙන්වා.................සුරතලය
සමනල් පසුපසෙන් බැඳ නිවහල්...............කෙලිය
සුර සිරි සොයන මල් තුරු සහ වෙල්.............එලිය
මල් දරුවන් නිතින් මුදු සිනහවෙ................වෙලිය


4.
එක් වී මිතුරු සමගින් තුටු ගඟුල..................මවා
නිවහල් ළමා විය අසිරිය හදෙහි..................කවා
රිසි ලෙස කැරකි සංයම අම සුරය............හොවා
සිනහව පල කරයි කෙළිලොල් ගතිය...........දවා


5.
පොත පත රැගෙන ගණදෙව් පිහිටෙන්........ඉගෙන
දහදිය හෙලා දිවිතර දිරි පල......................රැගෙන
වැටි වැටි නැගිට මව් පිය කිරුළින්................පුදන
දිරි පුතු දිලෙන සිනැහේ කදුලැලි.................මතින


6.
රහසින් බැඳුනු හදවත් ලොව හමුවෙ.........නොකී
සිතිවිලි සිතින් සිත යවමින කඳුල................මැකී
පෙම් සිත අවදි කල යව්වන මුහුණ............මෙකී
මින්දද සමග මල් සිනහව හදින...................දකී


7.
අතැගිලි පටලමින ආදර මල්......................හදෙහි
නව සුබ ලොවක් නගනට පැතුමන්...........මතෙහි
පෙම් මල් පලස් මත යෙන යුවලගෙ..........මුවෙහි
පින්බර සිනා ඇදුනයි සංයම.....................විලෙහි


8.
කිරිකැටි ළපටි බිලිදුන් තම දෑත...................දරා
විසිරුණු සිනහ මල් මව් පිය මුවෙහි.............පුරා
සිහිනෙන් සිනැහි පුතු ළමැ උනුසුමෙහි........දරා
නව මුදු සිනහ දැරි සුබ තුටු කඳුළු.............පෙරා


9.
රන්සුනු විලස හෙළමින නිති දා.................බින්දු
පන්නර රැගෙන දිරි සිරි නංවනු..................රැන්දු
නන් දස්කමින් වැඩ කර කුසගිනි.................සිංදු
සිනහව නගයි පවුලම සතුටෙහි.................ඉන්දු


10.
නිරතුරු කරපු දෑ සිහි  කරවමින.................හදේ
වියපත් වුවද මුව නිති සිනහවෙම..............බැදේ
දූ පුතු මිනිබරුන් හා සැනසෙමින...............හදේ
රැළි රැදි මුහුණ වුව සිනහවෙ පියලි.............රැදේ


11.
ජීවිත ගගුලෙ ඇත නිති අප සිනා................මල
සිහිකර ගෙවමු සතුටින දිවි අතර...............කල
දුක් ගිනි වුනිද මැඩුමට ඇති අරුම..............බල
සැමවිට දරමු සිනහවෙ රස  මුහුණු.............වල











Sunday, January 25, 2015

සොහොයුරි සම මිතුරියට.~..


 සොහොයුරි සම මිතුරියට


1.
සුන්දර කලක් දී මිතුදම් බැඳ.......................අදර
නන් තුටු කැළුම් මැද සොහොයුරි ලෙස......පවර
ලං වුනු මතක පොදි හදවත අත...........නොහැර
මන් කවි බදිමි නුඹ වෙත මිතුරිය................අදර


2.
පන්තිය වෙතට ආ කල තනියෙන්........නොදැන
මන් පසුවුනෙමි බියකින් හදවත............ගැහෙන
සුන්දර සිනහ පා ඔබ සුමිහිරි....................වදන 
මන් මිතු නුඹට බැඳුනෙමි තෙදොලින්.......පුරන


3.
අල්ලා මගේ අත සොහොයුරියක්..........වෙසෙස
අනුබල දෙමින් නිති පාඩම වෙත...............නිරස
කවටින් සිනහ පා මා තුටු වෙන.............වෙසෙස
සිතුනා "මෙයා නම් හොද අක්කෙක්".........විලස


4.
මිහිරෙන් මිහිර ගල්වා සිතිවිලි.................ඇතිරු
සිසිලස් මවා සැමවිට සිනහව...................ඉතිරු
කෙළිලොල් බවින් වැඩ කර නිසි ලෙස....පැවරු
මා හා ගියා නුඹ සුර ලොවෙහිද................ඉසුරු


5.
එක බත් එකෙහි රස දෙදෙනම රස.........බැලුවා
නෙක වියවුල් බැදුණු දෙදෙනම නිති.......දැරුවා
එක මව් දරු ලෙසින් සොහොයුරි පෙම...දැරුවා
ඔබ නැති දිනෙදි රහසින් මා ඉකි............ගැසුවා




6.
පලවා ලමින් සෝ නෙක හද රිදුම...............වැදී
සගවා නොසිට නිති වියවුල් හදින................රිදී
හද ඈතට ගියත් දිවි මන් සලින...................මිදී
මුදවා හැරිමි නුඹ හට සිත හැගුම්..............පොදී



7.
නිදිමත විටදි අත් දිගුකර මා....................වෙතට
යෙහෙමින් තලනු ලෙස පවසා මිතු...........කමට
ටොපි මත දෑස හැර අපහසුවෙන්..............සිතට
දවසක් පැනඩෝල් රස බැලුවා.................ජයට


8.
නිම් නැති සෙනෙහෙ දුන් කලකට සතුට....උනා
සම් මස් නහර ගැලුවා පණ දියක............මෙනා
යම් ලෙස සිතොත් ඔබ ගැන මා සොවට..යෙනා
නෙතු දිය ගලයි සිහිකර ඔබ කවට............සිනා


9.
මිතුරන් දහස් හමුවූවද කල...................ගෙවෙන
මිතුරන් හමුව නැත නුඹ සම වන..........යෙහෙන
එකටම නොසිටියත් පෙර විලසින්............ගතින
ඔබ මගෙ හොඳම මිතුරිය දිවිතුරු..............හදින


10.
දුටුවෙමි කදුළු අද නුඹ දෑසින්.................වැටුණු
දන්නෙමි අඩුව මා ළඟ නැතියෙන්.........වැඩුණු
තද කර සොවත්, මතකය සමගින්.........ගෙතුනු
නොහඩන් සොයුරි මා නුඹ සමගයි.........බැඳුනු




11.
දිරි ගෙන හදට වියවුල් නෙක සොවද......මරා
දැඩි අදිටනින් "ජයගමි" ලෙස හදෙහි.......දරා
දිවි මග පදිනු ඔරු නුඹ අදිටනය.............කරා
ඒ විට සිටිමි මම තුටු මල් කිරුළු..............දරා








Thursday, January 22, 2015

ඈ සතු සිතිවිලි



සතුටට තිතම තබමින් සිත් විලෙහි......කොනේ
අමතක නොවේ නෙතු ඒ සමු ගැනුණු....දිනේ
කඳුළැලි සයුරු දරමින පෑරෙමින..........සෙනේ
සද නැති තරුත් ඇත තනි සිසිලසින.......අනේ


පලවා ලමින් සෝ තනිකම රිදුම.............වැදී
සගවා නොසිට නිති වියවුල් හදින............රිදී
හද ඈතට යතත් දිවි මන් සලින..............මිදී
මුදවා හරිමි සිත තුල ඇති හැගුම්..........පොදී



මව් පිය කිසිත් අප සම නොවෙනා.........හින්දා
රැව් නැගි ආල බස බැසි ගමනක............රන්දා
නොසිතූ ලෙසෙක සිහිනය අළු මත.......ඉන්දා
සද නැති සියලු දින තනියෙන්...........ඉකිබින්දා



ලියුමට ඇතත් තව කවි පේළියෙහි...........පද
පන්හිද වෙව්ලමින් යේ රත් පැහැයෙ........හිද
තෙත් බර කොලය ගෙන කුණු කුඩයට....සිද
නිදි ලොව හබමි සුර ලොව සිහිනයන්.....බැඳ






දිරි ලෙය මතින් එකටම අපි ඉකිබින්දා


 දිරි ලෙය මතින් එකටම අපි        ඉකිබින්දා
2015-1-21

1.
පුන්සිසි නැගෙන කල හිමිහිට සොදුරු.......රැයේ
නන්දන උයන් පිරෙනා මුදු  සැදෑ.............පැයේ
සුන්දර හැගුම් මුසුකර එකමුතුවු...............ලයේ
ලං වුනි පවුල වෙත  හිත මිතු මිතුරි..........මයේ

2.
රන් තරු නැගෙන මල් යායක........ඇතිරිල්ලේ
මින්දද සමග සමහර වුන්................ඉවසිල්ලේ
කැන් සිනහවෙම පා සුන්දර.....කෙලිලොල්ලේ
මන් පසු වුනිමි තනි නිදහස්............සිතුවිල්ලේ

3.
සුළගක් විලස යමෙකුන් විත් රුදුරු........වෙස
අතරක් නොමවු දෑ පාමිණ ගොදුරු..........බස
සතුටක් මිහිරි උදුරා නිදහසද...................පිස
පුවතක් මතක හිටි හැරි දහතුනට.............වස

4.
රිදුනත් හුගක් ඔබහට නොදැනෙන.......හින්දා
කදුලක් ඇවිත් නෙතු ළඟ නැවතුණි......රන්දා
සොව පත් පෙමට පවුලට ඇවිලුණු.......හින්දා
දිරි ලෙය මතින් එකටම අපි.............ඉකිබින්දා

5.
දෑසට ඉනූ කඳුළැලි වැගිරිනු..............පෙරුණු
කෑනොගැහුවද පිසිමින සෙමිහිට..........සිතුනු
මා සැම අදර පවුලෙහි එක ලෙය..........බැඳුනු
සෝ බර දිව්ව හදවත සපුරා...............ගෙතුණු

6.
පාසා ඇසෙන සැම වදනන් සිතෙහි.........දරා
දෝසා නැගෙන කටු ලෙස මුසපත්ව.......වරා
ගෝසා මැදින් යක් රුදු සංයමය.............මරා
මාසා ලෙයෙහි පවුලෙහි ලෙය හැරිමි.....පුරා

7.
කවුරුන් මොනා කීවත් මර සිත...........හාරා
දන්නේ පවුලෙ වුන් ආලය ගැන..........සාරා
කදුලක් නතර වූවද නෙතු ළඟ..........මෝරා
දිරි අප දන්නෙ දහතුන පමණකි...........වීරා

8.
සිටියත් සවිය සගවා සොහොයුරු.......හන්දා
නොවියත් වදන් අවොත් කටු ගොනු...රන්දා
අවියත් රැගෙන පෙම හද  දහතුනෙ.....රන්දා
සවියත් හලමු එකමුතු දන්වැල...........බන්දා

9.
මිනිසා වැරදි සමගයි ඉපදී...........................ආවේ
කිසිවෙකු කොහිද වරදින් මිදි මෙහි.............ආවේ
කල කම් පසුව සැමහට නිසි ලෙස...............ආවේ
සවි ගෙන නැගෙමු නොමැකෙන නිති රණ..රාවේ

10.
සරනා විටදී මා දිවි තුරු මං.....................සලක
විදිනා සොවට දිනි සවි මිදුමට...............අනෙක
රුතිනා මිතුරියෙනි ආදර ඇති............ලොවෙක
නිතිනා මාද ඔබ සමගයි දිවි................තෙරෙක


11.
අවියත් සැමට පෙන්වා බලගතු..............ඉසිර
එකමුතු දිරම ගන්වා ලෙය මත.............වැතිර
කදුලැලි මතින් නැගි මඩ පහරන්...........අතර
අප බල අදර පෙන්වමු සැමටම.............මිතුර