Thursday, January 8, 2015

~~..රෑ යම නොනිදි කවි නෙත...~~

රෑ යම නොනිදි කවි නෙත

1.
සඳලිය මතුව කඳු ගැට මැද දෑස................යොමා
මද මද හරී ඇය සතු කිරිදහර.......................අමා
මැද සිසිලසෙහි ගුලිවී කිරි අසිරි................යොමා
හදවත් තෙමනු වැගිරේ තුරු මතින..............රමා


2.
කිරි රැස් සෙමින වැටි තුරු හිසවැල්.............මුදුන
සිරි සුරු රටා ඇඳි ලලිතයෙනි.................සොඳින
කිරි පැහැ වටෙහි තුරු බැඳී සුරඟන............රසින
ඇරි වග පෙනේ මිහි මත සුර රජ................දහන


3.
පොලවේ අනෙක ලෙස රන්වන් රටා...........ඇදී
කල එලි කල වගයි පාළුව මකනු................බැදී
සුලලිත සුලන් රොද අසිරිය මතින..............වැදී
හද කිති කවයි සිසිලස් අම දහරෙ................රැදී


4.
කල් බලමින්ම හුන් ගැබ තරු පොදි..........ඉහලා
මල් ඉසි වගේ නෙක යුරු ගෙත්තම්..........කරලා
සිල් ගත් සෙයින කඩුපුල් කුමරිය..............එබිලා
ඇල්මෙන් සිප ගනී මුදු නල රස..............නැවිලා


5.
වවුලන් තටු ගසා තුරු මත මහ.................හඩින
ගව් ගණනක්ම ඉගිලෙනු පවසයි...........ලොලින
කිව් හද පැතිරී සලිතව උණ ගස්.............බියෙන
සිව්පස හෙලයි බැල්මක් නල හා............සෙමින


6.
 බැඳේ කිරි රසට මල් සුවඳද.....................පෙමින
 ඇදේ රන් පලස් සුර ලොව ලෙස..........යෙහෙන
 වැදේ මා හදට පෙම් සිතිවිලි...................සෙමින
 නොදේ යන්න නම් හැර මේ රඟ..............මැදින


7.
සිත් තුටු පිරුණු ළමයින් කිරි දහර...............මත
ලත් අමරසින් ඉපිලී කුල්මත්ව....................සිත
නෙත් හා හෙලා හඳ මාමා වෙතට...............අත
 "අපටත් දෙන්න කිරි" යැයි හැඩතලයි........ලත


8.
 සුන්දර රැයේ යුවලකි පෙම් රසින..............බැදී
නන් මුදු වදන් නල  මත දෙපසටම..............අදී
පුන්සිසි රැසින් හැඩවී තව සුරඟ..................පැදී
දුන්නා නිමල පෙම අම සුර රසද................සැදී


9.
කිරි කැටි පුතෙක් තුරුලුව අම්මා...............ළමැට
කිරි උරමින්ම නිදි ලොව සුවයෙනි..........සොදට
දිරි දී වැරෙන මව් තෙම නිසලව................ගතට
සිරි රැය විදී පෙන්වනු වැඩුනම..................පුතුට


10.
ඇහැරී විගස පුතු ළමැ අතහැර..................අඩලා
වැහැරුණු සෙයකි ළමැ මත කිරි බිදු.........වැසිලා
අහසට යොමා නෙත සඳ සිසිලස.............දැකලා
රහසින් සිනාසේ පොඩි කිරි මුව...............හැරලා


11.
රහසින් බැඳුනු සිත් මල් ලොව හමුවෙ........නොකී
දෙහදකි අතින අල්ලා දුක පාළු....................මැකී
රහසින් පැනයන්න කොදුරා සෙමින. ..........වැකී
රහසින් පියමනී සද එළි මතින.....................රැකී


12.
දල්වා තමන් මතු ලොව වෙත නැණ.........ගොන්න
අල්ලා සිසු දරුන් පත පොත දිරියෙන..........ඔන්න
ගිල්වා සිතම මුළු වැරැයෙන....................සිරිවන්න
දල්වයි සීත මැද දිරි පහනෙහි...................රොන්න


13.
රැය මත සුරඟ ඇදි වැනි කවියාගෙ...........නෙත
පියවෙනු සෙයිකි නිදි බර වෙහෙසින්ද........සිත
සිය සිත සමග  යහනට හෙලමින්ම.........නෙත
වැයවුණු කවට දැන් තියනා සෙයකි...........තිත

No comments:

Post a Comment