Saturday, January 17, 2015

සුසුම් ලන ඔන්චිල්ලාව..~.~


සුසුම් ලන ඔන්චිල්ලාව

1.
දින දින ගෙවෙයි වියකී පෙර තිබුණු සොබා
නැන් වෙයි උරුම සලකුණු මිනිසතුගේ පබා
දරමින විරහ සෝ එනමුදු පැතුම තබා
කෝ මා නැලවු මගෙ නිවසෙහි ළපටි බබා


2.
පාසල් ගොසින් සිටියද කෙලිලොලව එහේ
දිවවිත් නිතර මල් පිපුනා විලස ඉහේ
නිදහස් කුරුළු වෙස හිද ඕ තුටුව රැහේ
සුර ලොව අසිරි දැක්කා මා සමග මෙහේ


3.
නැලවී සෙමින මා හා සංයමින හිඳ
පහසේ ගෙනෙන වට සීතල සුළඟ විඳ
මල් වට යනෙන සමනල් සහ බිගුන් මැද
රහසින් නුඹට කීවා කවි සිතෙහි රඳ


4.
කැඩිලා මගේ දන්වැල් පුරුකක් දිනෙක
හෝ ගා හඩා වැලපී නුබගෙම ලෙසෙක
නෙතු කදුලැලි සලා මා ළඟ පෙම් බසෙක
හදනා තුරුම දිස්විණි මුව දුක් බවෙක


5.
හෙමිහිට ළපටි අත් මා බඳ මතෙහි තියා
පදවනු දෙව් ලොවට අම්මා සමග කියා
තුටු වී අනෙක කිංකිනි මුදු සිනහ වියා
මද නල කපා මා හා සුර ලොවෙම ගියා


6.
සැහෙන කලක් සිප් කර ගම් පියස යට
මතකයි කොළබ ගිය නුඹ ඒ දිනය මට
ඉන් පසු තනිව පාලුවෙ තුරු සෙවන යට
මා සම විනිමි හැරලූ හැදි වතම කට


7.
අදුරින් පිරුණු නිවසද වතු පිටිය මිස
නොගැටේ සොදුරු රූ බිය රු මිසෙක ඇස
වියපත් සිතෙක පෙර සුන්දර මතක පිස
කදුලැලි නෙතෙහි ඇත මා නුදුවුවද වෙස


8.
පෙර ආ විලස දිව විත් පොඩි රිය මතින
දිව එන තුරුම මා වෙත කෙළිලොල් සිතින
දින සති ගෙවෙන කල වියපත් වුද ගතින
මම ඉමි පුතේ පැමිණෙනු නලවමි හදින























No comments:

Post a Comment