Thursday, January 8, 2015

~~.. මහද රැදි කව..~~


   මහද රැදි කව

1.

හද වෙත ඉගිල විත් පෙඳ සලමින්............මාගේ
ඉදිමින් රස දිදී දෙව් අම රස.....................වාගේ
රදවා මිහිරි බස් මගෙ හද නෙක...............රාගේ
පද නුඹ නොවෙද සඳ තුටු කැව් මේ...........දුගේ

2.

නන් රූ වෙතට මා හද කුතුහලය...............යවා
පන්හිඳ සමඟ එය මගෙ රස සමඟ..........හොවා
දෙන්නට අන් අයට එම රස ගඟුල............මවා
මං වෙහෙසුනේ නුඹ සතු රස බසිනි..........කවා

3.

තනිකර මෙමා සිතිවිලි'තර රස...........ලොවෙක
හද රිදවමින් හෝ තුටුකර රස...............මගෙක
එය කවි බසින් දීමට දන වෙත................නවක
කව නුඹ මහද රැඳී දිනි සරසවි................තිලක

4.

යවමින විටෙක මා මල් ගොමු වැල්..........අතර
නව සිතිවිලි කවා සිතුවම්  මත.................පවර
මවනට යමක් නව සංයමයෙන්................ඉසිර
කව නුඹ මෙමට දිනි අනුබල සෙද...........මිතුර

5.

මීහිරෙන් මිහිර ගල්වා දන හද..............සොඳුරු
සිහිලක් ලබා දී දෙව් ලොව සැප..............ඉතිරු
නහිනට සෝ තැවුල් හද මිරිකෙනු...........පැවරු
මෙහි නුඹ වන්නමින් දේ සිසිලස.............ඉසුරු

6.

යව්වන පෙමට කර රන් මුතු වැනි...........සේවේ
ඇවිලූ නිමල පෙම් රැස්  මත රස................දීවේ
මව්වරු අදර පුතු ඇකයෙහි කවි..............රාවේ
සිව් දෙස සෙමින් නිදි සුව එනතුරු...........කීවේ

7.

යන්නට මගක් නොදකින සිසු හතර..........වටේ
නන් වියසනෙන් යන කල මරුවාගේ.......කටේ
උන් බටහිර ලොලින් නර ලෝකෙටම.....වැටේ
ඉන් ගලවන්න රන්වන් මග මෙයයි..........රටේ

8.

කවියට සවිය දීමට මා සිතින්..................සවී
අවි ගෙන හමාරයි සීහල බසින්..............පෙවී
දිවි ඇති තුරුම කවි සවියට වැඩට...........යැවී
කවි ලොව නගන්නට දෙමි රණ හඩින.....සවී




No comments:

Post a Comment