Thursday, January 8, 2015

~~..නව වසරට..~~

 නව වසරට

1.
සියුමැලි ලහිරු නව හිරුදෙටු වෙතින.......ඇදී
වියු රන් පලස් මත පිනිබිඳු පෙමින..........බැඳී
සුබ පණිවිඩ මතින් නව හිරු සමග............රිදී
දින සති පසුව නව වසරෙකි දොරට.........වැදී


2.
ලස්සන සිනහ ඇඳි මුහුණුය දෙනෙත........පිරී
විස්මිත ලෙසින සැම නව හිරු පහස.........දැරී
රැස් මත දිරෙහි දියුණුවෙ රන් කිරණ.........පිරී
ගොස් නංවමු තෙදින සැම උතුරමින........කිරී


3.
ලොව සුබ සිහින හිත පතුලෙන් දරා.......ගෙන
නව හැඟුමෙන්ම සුබ සිරි හද පුරා..........ගෙන
සවනත වැටෙන පැතුමන් ඔද වඩා.........ගෙන
නව දින දකිමු සුබ පල සිහි මවා............ගෙන


4.
අමතක කරමු වියවුල් තරහව...............බැඳුන
සමගිව සැමම අත්වැල් බදිනෙමු...........තදින
සැම එක සිතුම් මත දිරි වෙරයෙන.........හදින
මෙම නව වසර යමු ඉදිරියටම.............තෙදින


No comments:

Post a Comment