Thursday, January 8, 2015

~~..ඊයේ සිතුනු දෙයක්..~~

1.


දින සති ගෙවී නිවසට ගොඩනැගුනු.............විට
මනසෙත් ගතෙත් වෙහෙසක් අමතකය........මට
සිරිදුව නිවසෙ අම්මා මුව දකින...............කොට
නව පන නැගී නව පුතෙකුය අදර...............පිට


2.
බත් පත බෙදයි ආදර මුදු කැළුම................ඉස
සත් දෙව් ලොවෙද නැත ඒ වන් අරුම.........රස
සිත් නව පණට උරදී දුක කඳුල..................පිස
ලත් මා අනගි මැණිකකි ඕ තුමට................දස


3.
සතුටකි ඇයට මා නිවසට ආ...................හින්දා
සිතු දේ රැගෙන විත් මා අතෙහිම.............රන්දා
ගතු මා විමසමින් මා සිටි පොදි................බන්දා
අතුරයි රැය පුරා සෙනෙහස් කොඩි...........රැන්දා


4.
කැම්පස් එකෙහි දින දින අමු අමුවෙ...........මැරී
අම්මා දකින විට යේ දුක කඳුලු..................හැරී
පෙම් පුතු බැඳුනු සෙනෙහස් විල් දහර..........සරී
සම්මා සමිදු මව් දිගසිරි ඔබට......................දිරී

1 comment: