Friday, January 16, 2015

දිවි ගඟ පදිමි ආපස්සට..~~

 දිවි ගඟ පදිමි ආපස්සට

1.
උණුසුම් මවගෙ තුරුලෙහි ගුලිවී............ඉන්න
සෙනෙහස සිසිල සොම්නස නිති විඳ......ගන්න
කවි ගී රසය මැද දෙව් ලෝකෙට...........යන්න
ඕනයි දැන්ම මට අත දරුවකු................වන්න


2.
සුමිහිරි නදින සනසා කිරි සිනහ...............රස
අමිහිරි සිතුම් නිවමින තුටු කැළුම............ඉස
ඕනයි හනික දැන්මම කිරි ලොවට..........බැස
සඳගිරි පහස දෙන්නට සුර දුවක............වෙස


3.
රජ වී සිහින ලොවෙහිම දෙව් ලියන්.........මැද
ලැබ ගෙන සුවය මව් තුරුලෙහි අදර..........විඳ
සිහිනෙන් වුවද සිනැහී සුර ලියක.............වෙද
සිරියා කැළුම දෙමි සැමටම කිකිණි..........මැද


4.
පෙන්වා ළපටි උන් සුරතල් කැළුම........සැපේ
ඔප් නංවමි නිවස සිරියාවන්ත................ඔපේ
මැණිකක් වෙමින් සැමටම නිවසෙහිම.....අපේ
නොකැලැල් කුසල පෙන්වමි මිනිසතුනි..අපේ

 
5.
ලොව විසකුරුය යනවිට ඉදිරියම............බලා
විස සිත තෙදිනි අකුසල් සැම අහක.....නොලා
පොඩි සිත සොයා නැවතත් මව් තුරුල....බලා
දිවි ගඟ පැදිය යුතු ගත සැම දිරම............දමා





1 comment:

  1. දිවි ගඟ පැදිය යුතු ගත සැම දිරම............දමා

    ReplyDelete