Saturday, February 7, 2015

දෙව්වරු රැදෙන පින් බිම මේකයි දෙරණ...

දෙව්වරු රැදෙන පින් බිම මේකයි දෙරණ..

1.
පියවර දිවියෙ නැවතී රන් මං.................සලෙහි
දියවර වැරෙන් අදිනා කල දිරි................මතෙහි
ලද නිදහසින් යන්තම්, දුවනා.................මගෙහි
පැදි පෙළ සෙමින් බැඳුනා මව් හට..........හදෙහි

2.
මොරටුවෙ සරසවිය ලෙස මුළු ලොව...දිලෙන
නුවණැති දරුන් සිප් මත දිවි රූ..............අදින
දින දින දිලෙන තරු මුළු ලොවටම........පුදන
දෙව්වරු රැදෙන පින් බිම මේකයි.........දෙරණ

3.
නිති දුක් ගැහැට තම යන දිවි මගෙහි.......හුරූ
විදමින තුටින් සිව් වසරක් ගෙවෙන.........තුරූ
දෑ කුල තරම නොදනින එකමුතුව..........දැරූ
සරසවි බිමයි මෙය  සුර ලොව අසිරි........පිරූ

4.
ඉපදුනු නමුත් රජ මැදුරක හෝ...........පැලෙක
එකමුතු අපට රස ඇති එක බත්...........කටෙක
දින දින ඔද වඩා දිවි සුන්දර..................මතක
සරසවි දිවිය පදිනෙමු සුර ලොව..........මගෙක


5.
දැනුමෙන් අවිය ලෙලවා ලොවෙහිම......නිතර
සවියෙන් බදින බැමි විස්මිත කර.............පවර
කෙළියෙන් වුවද දැනුමෙන් දිනනා........නිතර
දෙවියන් සිටින තැන මෙය මිස වෙන......කවර











1 comment:

  1. රොද බැද එකට සැමදේ කළ මිතු දමින..
    ඔද තෙද නැගේ මොරටුව සරසවි නමින..
    සිඳ බිඳ කඩොලු යන පෙරටම සිත් තුටින..
    ලද සොඳ දැනුම අප ගෙන යයි ඒ ගමන....

    ReplyDelete