මිහිරෙහි හොවා සඳතර සැගවෙන කිරණ.. මෙහි කැන්දා පියුම් රොණු ගල්වා දිලෙන.. විහිදමි සුරසිරිය රණ නාදෙන නැගෙන.. සිසිලස විදිනු සඳැසෙහි සංයම සිතින..
Sunday, February 15, 2015
රන් කඳ තාම පැල් රකිනවාද..?..~
1.
සදකැන් ඇතිරි ගෙමිදුල දොරකඩට...............වෙලා
ලද මුත් නොලද පෙම වෙත බියසුලුව.............බලා
රද මා පැලෙහි ඉන්නා රුව සිතෙහි...............වෙලා
පද සෝ බදිමි බැදි සිතිවිලි ඉවත.................නොලා
2.
මැසි මදුරුවන් දෙන බැට මත.................ඉවසිල්ලේ
සූකර ගෝන එනතුරු නිති.....................විමසිල්ලේ
නෙතු නිදි යදින මුත් දිරි මුසු..................සිතුවිල්ලේ
සී පද ගොතනවද හිමි ඔබ මුදු.....................රැල්ලේ
3.
විසකුරු සර්පයින් පැල වෙත එන්න................එපා
සුකර ගෝන නෙතු එහි අසුවන්න..................එපා
මිනිසත් තිරිසනුන් සොර බිය දෙන්න.............එපා
සැම දෙවි බැල්ම මිස කරදර වෙන්න.............එපා
4.
පතනා දිවිය මතු එන සිහිනය...................මතෙහි
ඔද වැඩි බියට දිරි ගෙන ගෙවෙනා...........පැයෙහි
රුව හිමි මවාගෙන ලස්සන මා.................සිතෙහි
තනිවම පැදුරෙ නිදියමි සැමදා..................රැයෙහි
5.
පැල මත මගේ රුව ඔබටත් පෙනෙන............වද
ලස්සන සිතුම් මන්දිර හෙම ඇදෙන...............වද
මා ගැන වුවත් රස සී පද කියන.....................වද
පතනා ලොවට යන අඩිමන් දකින................වද
6.
සද රැස් අපට හෙට දින වත් සුව..................දේවි
සිහිනය පතන හොරැහින් වත් බිඟි...............දේවි
තනිකම නැතුව දෙදෙනම ආලෙන්.............පේවී
දිනකදි අපට අඩ සදවත්..........................පායාවී
Subscribe to:
Post Comments (Atom)
පැල තුළ ඉඳන් තරු පිරි අහසේ සේයා...
ReplyDeleteපොඩි පුතු මෙන්ම ඔබ ගැන තතු පවසායා...
තනිකම දැනෙන විට සීපද පවසායා....
උදයේ එන්නෙමිය නිවසට ඉර පායා..
අදුරෙන් සැගවි පැල බිය සංකාව දරා...
Deleteපොඩි පුතු හඩයි ඔබ සොයමින් කදුළු පෙරා...
කහවනු අපට කුමටද සිත් සතුට සොරා...
දැන්මම එන්න නිවසට සිසි කිරණ පුරා...
great..nice poem..:)
ReplyDelete