Thursday, February 12, 2015

දිරිමත් දුවක වෙත ඇදුනා මගේ ඇස..~



1.
දහදිය වෙහෙස රැදි මුව තුටු කැළුම.............පිස
සංකා විලෙහි පරවුණු සුපියුමක්...............ලෙස
සෙමිහිට ඇදෙන නිවසට වැඩ පොලෙන්...බැස
දිරිමත්  දුවක වෙත ඇදුනා මගේ...............ඇස

2.
යව්වන සමය තම ගෙත්තම වෙතට...........යවා
සංකර නොවන දිවියෙහි කාසියට..............දුවා
ලස්සන රටා ගෙත්තම් රෙදි මතෙහි..........මවා
පව් ගෙවනවද නුඹ අසා පසෙක.............හොවා

3.
වත පිදු සේද නැත දිගු සායකි..................ඉරුණ
සායම ගොස්ය උඩු වත නිතරම................ඇදුන
කෙහෙ රැළි ගොතා නිසි ලෙස පිළිවෙල...පෙනුන
මුව නුඹ සිනහ නිති සොව යටපත්..........කෙරුන

4.
දැගිලි නිදි වරා නිති තුන් තිස්................පැයෙහි
තියුනුව දෑස යොමමින් ඉදිකටු...............තුඩෙහි
මැසිමට පෙමින බැඳ නැගි අඩනා...........හඩෙහි
මන්දිර තනනනවද නුඹ සිහිනය.............මතෙහි

5.
එක ලෙස දිනක සැප නැති පුටුවෙහිම.........හිඳ
නෙත මැහුමෙහිද සිත දිවි මන්දිරද............බැඳ
කදුලැලි ඇදෙන ලස්සන නිමවුමෙහි...........සිඳ
මල් විය අනුන් සරසනු වෙත ගෙවන..........වද

6.
දරදඩු පවස යනවිට ගත සවිය..............සොරා
කෙනෙහිලි අනෙක වැදුනද සෝ හදම......මරා
දිරි මත සිනාසෙන යව්වන මුකුළු..............දරා
නුඹ සුර දුවකි දිනනා  ලේ කඳුළු............පෙරා














No comments:

Post a Comment