Sunday, February 1, 2015

මම එමි නුදුර..~..



මල් රොණු වැඩි තව මල් හන්තානේ.....පුරා
සමනල් පිරේවා පියකරු සිතුම්..............දරා
සියොතුන් අහස් ගැබ පෙම් යුවලින්ම....සරා
ආදර පලස් අතුරනු කිචි බිචිය..............පෙරා


සැන්දෑ අහස පෙම් සායම හොඳට........උලා
මල් විසිරුමින් කොඳ සුවදින පැහැය.....සලා
මද නල සෙමින ආලය දෙන පරිදි.........ගලා
මම එමි නුදුර සැරසෙනු පිළිගැනුම.......බලා


ගං තෙර පුරුදු ලෙස සුරැ සිරි හැඩ.......ගන්න
දෙපසෙහි ඉලුක් බෝවිටි වන්නම්......දෙන්න
ගං දිය සෙමින් මද පවනෙම බැස.......යන්න
අප ලං වෙන විටදි උණ ගස් නද........දෙන්න


කෙහෙරැලි ලෙහෙන ලෙස ගොතමින දෙපස..සලා
මල් ගවොමකින් සැරසී මකරන්ද.................උලා
සුළගේ සෙමින් නටමින පෙම් සිතුම්...........වෙලා
මම එමි නුදුර සැරසෙනු පිළිගැනුම...............බලා







No comments:

Post a Comment