මිහිරෙහි හොවා සඳතර සැගවෙන කිරණ.. මෙහි කැන්දා පියුම් රොණු ගල්වා දිලෙන.. විහිදමි සුරසිරිය රණ නාදෙන නැගෙන.. සිසිලස විදිනු සඳැසෙහි සංයම සිතින..
Tuesday, February 24, 2015
පෑනේ (කවි) මිතුරිය හමුවිණි.
දුන් නිදහස් කලෙන් රන් මව් පියන් බලා....
යන්නට නිවෙස වෙත ඇදුනිමි කොටුව බලා...
දුන් අව් රැසින දහවල මුළු අහස පලා...
මන් පසු වුනෙමි හිස රිදුමෙන් සොවෙහි වෙලා..
හඩනා හඩින් මුදු නැති දුම්රිය ඇදිනි...
දරනා ලෙසක බර කටු එය මග සිදිනි...
දුවනා මිනිස් පොරකා එය වෙත නැගිණි...
නිතිනා ලෙසෙක සිටගත්තෙමි තුටු හදිනි...
බෑගය උඩට දා ලැප් එක ගෙන කරට..
වෙහෙසින් සුසුම් ලා පන්නර ගෙන සිතට..
වටපිට බලා හසුකර මිනිසුන් නෙතට...
දුටුවෙමි අයෙක් නෙතු යම් හදුනන ලෙසට...
තරමක් පිරුණු බෑගයකුත් කරට ගෙන...
ලැප් එක එක් පසින් අපහසුවෙන්ම ගෙන...
සිටියා ඇයත් වටපිට නෙතු වලට ගෙන...
සෙව්වා කව්ද මේ , මා මතකයන් ගෙන..
යෙහෙළියකදැයි මැය මාගේ මුහුණු පොතේ..
කවි සුරු යෙහෙලි යද මේ ළඟ සිටින නෙතේ..
කුකුසින් වුවද විමසිමි මා දිරෙනි සිතේ..
සිතුවා හරිය ඇය කවි යෙහෙළියයි පොතේ..
අව් ගිනි රැසෙහි බැට කෑ සරතැස නිවුනි..
දොඩමලු වෙමින් මිතුදම මත කල ගෙවුණි..
නොදැකපු මිතුරු බස් මත සංයම හදිනි..
තුටු කැලුමන් මතින් ආ දුම්රිය ඇදිනි..
සංයම සිතින් විමසා සැපදුක් සොඳට...
ආ ගිය දේස පවසා සතුටින් සිතට...
දුම්රිය ඇදෙන කල හිමිහිට ගමනතට...
සුන්දර මතක එක්විණි මිතුදම් පොතට...
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment