Saturday, January 6, 2024

ආලය වන් මනුදම් සුරකිම් නිති, එතැනය සුර ලොව නම්..~ 💛


සුපිපෙන පැතුම් මල් ගොන්නක් හදෙහි කොනේ

පොපියන සිතුම් දහසක් සිත පතුලෙ පෙනේ

විකසිත වන්න වෙර දරනා අයුරු දැනේ 

රුදු වැට කඩුලු උන් මග ඉදිරියෙහි පෙනේ


සඳ නැති වුනත් අහසෙහි පොඩි රුවන් කැට

පතුරයි එලිය ලොව ගනඳුර මකන්නට

ලැබුනොත් දිරිය උන් යනු ඇත දිනන්නට

අත හිත දෙමුද යන මග එලි කරන්නට


දැන් මතු වුවත් දුක් බිය සිතිවිලි බෝම

මන්දිර නැති වුවත් සිරි සැප දෙන තාම

පින් මල් තිබේ නුඹ හට දිරි දෙන පේම

යන්නට පය තියන්  හිත දැඩි කර මේම 

Figure: In the new spirit of the new year, WKKV officially inaugurated the construction and renovation works of the computer laboratory with the kind donations received so far.!
~ 2024-01-05 ~


 

2 comments:

  1. What a beautiful thought and what a great thing you are doing for this school. You are blessed.

    ReplyDelete