Monday, October 23, 2023

දෙවෙනි අම්මා, මාලා නැන්දාට ..~😊

මව් පියන් හැර එද්දි 

අරුම ලොව තනිවෙද්දි

සුර ලොවින් ලදමි මං   

දෙවෙනි අම්මෙක් උතුම්...


තනිකමට තිත තියා 

තෙවැනි දුව යැයි කියා

සෙනිහසම විදිමි මෙහි 

ගෙදර වාගෙම මමත්...


නිති ඔවා දෙනවාට 

දුක සතුට බලනවට

මගට දිරි දෙනවාට  

මව්නි තුති මල් නුඹට...


සිත තුටින් ඉතිරෙන්න

දිවි මගම සුබ වෙන්න 

සුබ උපන් දිනයකට 

මගෙන් සුබ මල් මෙන්න...





1 comment:

  1. Thank you so much dear Chami. You have such talent actually that amazes me. May you be blessed with all what you love for since you deserve it. Take care dear. I am so fortunate to have you staying with me. My 3rd daughter.

    ReplyDelete