Wednesday, April 9, 2014

Amma..

දෙවැනි බුදුන් ලෙස
ලොවම උවම් කළ
ලොවක පිදුම් ලද
ලොවට උතුම් ළඳ
අම්මා.....අම්මා.....අම්මා.....

දෙසවන් සනහා මා නැළවූ ඔබ
මියුරු මියැසියේ අරුත කියා දුනි
ඒ මියැසිය අද මා ගයනා විට
මා සිපගන්නට ඔබ මා ළඟ නැත
අම්මා....අම්මා.....අම්මා.....

ඇසට හඬන්නට කඳුළැලි දුන් ඔබ
ළතැවුල් දරනා දිරිය ලබා දුනි
ඒ දිරියෙන් ලොව ජය ලබනා විට
මා සිපගන්නට ඔබ මා ළඟ නැත
අම්මා....අම්මා.....අම්මා.....







සිහින නෙළුම් මල් පොකුරු පුරා 
මගේ පුතුගේ කිරි සිහිනේ සුවද කලා
මගේ ලොවම ඒ සිහිනෙන් පහන් වෙලා 
කිරි සුවද දේ මුවගේ පවන් සලා

බලා ඉදින්නම් මා දිව රැ පුතේ 
මගේ පුතු දිනෙන් දිනේ ලොකු වෙන්නකෝ
සුලෑගිල්ල පටලා හෙට යන් පුතේ 
ඇවිදින්නට මා හා මිදුලේ වටේ 

අම්මා කියූ නාමේ මට දුන් පුතේ 
රාජීනියකි දැන් මා පුතුගේ පිනෙන් 
හැම මවු වරුන් සේ අම්මා නුබේ 
සතුටීන් විදිම් පීඩා පුතුගේ නමින් 

පුතු දකින උදයේ හැමදාම දැන් 
නව දවසකි මට නම් දෙන වාසනා 
හිරු සදු දවල් දැන් මට පායනා 
පුතු මිස වෙනින් කවුදෝ සුරතල් පුතේ





ආදරයේ උල්පත වූ අම්මා..
මා ඔබගේ පුතු වූ...
ඔබ මතු බුදුවන දවසේ..
මා රාහුල කුමරුන් සේ...
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි,
සුළඟිල්ලේ එල්ලී....

සඳ දියකොට කිරි වතුරෙන්..
ඒ දියරෙන් මුව දෝවා....
දිව මතුරක් වන් නැළැවිලි ගීයෙන්
මතකයි මා නැළැවූවා...
ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී..
ඒ ජීවිතයට දිරි දී පණ දී..
මා දැඩි කල අම්මා..

තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා..
නිදි ගන්වා යහන් ගැබේ..
සිහිනෙන් ගෑ මුදු සුවඳක් මෙන්..
සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ..
දවසින් දවසට සෙනෙහස ලබැඳී..
ගෙනදී දිවියට නව පණ ලැබදී..
මා දැඩිකල අම්මා..







No comments:

Post a Comment