++++++++++++++++++++++++++++++++
සවනට වැටුණු අම මී හඬ කොහිද පැතූ..
අදුරකි වැසිත් නැති සංකා ගෙනෙන තතු..
අද එන දවස මග නැත නුඹ මෙයින් මතූ..
වැසිලා ගොසින් උණු කඳුලින් පවුලෙ නෙතූ..
දෙතොලෙහි රැඳුනු සෝ ඇත ගොළු විලාසෙන..
නැග එන සොවකි එන හදවත තලාගෙන..
සෙනෙහස මැවිණි බැඳි ඇත් රූ විලාසෙන..
නැන්දා නිසොල්මන් වී ඇත බලාගෙන..
ලේ කිරි කර නොදුන්නත් මව් සම ළඟ උන්නා..
සෙනෙහස ලපටි කල සිට සිතු විල ඇදුනා..
පරපුර තෙජස් වෙස් මුල් පුරුකෙහි දිලුනා..
අපටත් හොරා නුඹ වෙනතක් වෙත ඇදුනා..
පැදයන මගෙහි අකුරින දිරි සතට බෙදා..
නිකැළැල් දිවිය විනි සංයම සිතුම් රඳා..
අවිහිංසක හැගුම් දරු සිත් තුලට පුදා..
අද නුඹ ගොළුය ලොව උණු නෙතු කඳුළු බදා..
කැළඹෙන මහද වෙර නැත සැඟවෙන්න ලොවින්..
තනිවෙන පියුම් හට සිනැහිය හැකිද වෙරෙන්..
සවනත නොවැටි නුඹ වදනන් මියුරු සරෙන්..
ගැලවෙන එකම වේ සැප මේ දුකම නිරෙන්..
කවියෙන් සවන් පුබුදා සිත සනසන්න..
අප ගී කතා අසමින් අප ළඟ ඉන්න..
වැටෙනා සැම කලදී අත දී නැගිටන්න...
හැකිවෙද නුඹට යලි අප අතරට එන්න..
සිතුවිලි නතර වී සියොළඟ කඳුළු කැට..
නුඹ ළඟ නතර වී සෙනෙහස මවන කොට..
සහසක් බැඳුනු සුර ලෝ මට පෙනෙන කොට..
නැන්දට හැකිද යලි එන්නට අදම හෙට..
දිවියෙක අරුත බැහැ අප හට වලකන්න..
ගෙන එන දෙයට බැහැ මනුසත් පරදන්න..
රැස් කල පිනෙන් හොද යහපත ඉටුවන්න..
නුඹ හට උතුම් නිවනෙහි සැනසුම වෙන්න..