නුපුරුදු තැනෙක පොඩි සිත් තනි කෙරුනාද
සුපුරුදු බවින් දිවි මන් කවි බැඳුනේද
දින සති ගෙවී කිරි දරු පන පෙවුනාද
සරසවි මවුන් හැර යන දින ලැබුවාද
තනිකම දැනෙන විට මව් පිය දේපල වෙලා
දැනුමට සවිය විනි පතනා ලොවම බලා
සිව් වස ගොසින් නොදැනිම දැන් කඳුළු සලා
මට නුඹ දමා වෙනතක දැන් යන්න වෙලා
No comments:
Post a Comment