කිරුලකි මැවූ රන් පැහැයෙන් රුව නැතුව..
තරු පිරි හදකි පිලි ගඳ අවටින් මතුව..
දරුවන් රජුන් කෙරුමට පැතුමකි පැතුව..
විරුවෙක් තවත් දුටුවා විරු ගුණ නතුව..
හිරු දිය ගැඹර තුරු සිඹ යන අතරේම..
අමදින කලදි ඕ ගෙමිදුල සැමදාම..
පිරි හද පැතුම හා හිස සිඹ ඕ හාම..
පය තබනා ලෙසෙකි දිවි දිවුමට මේම..
බත් රස මවා දරු සිත නිති සතුට උනි...
රත් පැහැ ලෙයෙහි මන්නය දිවි සවිය විනි..
රත් පැහැ මසුන් ලෙය බිඳු වට විසිරිවිනි..
සිත් සගැවුනිද නුඹ දරු මල් සිනාවෙනි...
දිවි බර ගෙවන්නට රතු ලෙය අතෙහි වදී..
සිත යම් දෙයකි වෙහෙසෙන හද තැවුල් දිදී..
විසිරුණු ලෙයෙහි ගත වුව මැසි මදුරු පොදී..
ලස්සන හදකි සිතිවිලි දිරි පැතුම් බැඳී...
ධීවර කඩෙන් මිලදී ගෙනයන මාළු..
ඕ නිසි ලෙසින් කපලා පොතු හැර දේලු..
නෝනා එන්න පොතු කටු නම් නැති වේලු..
මේ ලෙස මොහුත් රුපියල් එක් කෙරුවාලු...
මුවහත් තලය දිලිසෙන සම මත හෙලුනා...
දරු ගැන සිතා දිරි ලෙය සිරුරෙම ඇදුනා..
තව එක් කලෙන් කාසිය බිම මත වැටුනා..
නෝනා මාළු ගෙන කාරය වෙත නැගුනා...
No comments:
Post a Comment